ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යංශය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් බත්තරමුල්ල ‘අපේගම’ පරිශ්‍රයේ ස්ථානගත කිරීම කඩිනමින් සිදුකරන බව ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) ඒ සඳහා මුලික සාකච්ඡාව සිදු කරමිනි. අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ඊට ප්‍රධාන හේතු වී ඇත්තේ ලක්ෂ 80 ක විශාල මාසික කුලියක් ගෙවන්නට සිදුව තිබෙන නිසාත් පහසුවෙන් ග්‍රාමීය ශිල්පීන්ට එම ස්ථානයට පැමිණීමට නොහැකි වීමත් නිසාවෙනි.