• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

20 වෙනස් විය යුතු තැන් ගැන ජානිපෙන් අගමැතිට ලියුමකින් දැනුම් දෙයි

4 October 2020
in දේශීය

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වන ඇතැම් කරුණු නැවත සංශෝධනය කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් ප්‍රධාන ලේකම් එස්. විජයසිරි මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටින්නේ ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගී ඇති අතර එම විරෝධයන් නොසලකා කටයුතු කිරීම මගින් අපගේ ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බවයි.

ජාතික නිදහස් පෙරමුණ විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කල ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

 

 

ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා,
අගමැති කාර්යාලය,
කොළඹ.

ගරු අගමැතිතුමනි,

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී
ඇතුළත් කළ යුතු සංශෝධන පිළිබඳව

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළු කොට ඇති යම් ප්‍රතිපාදන පිළිබඳව අප පක්ෂයේ නායකත්වය සහ සෙසු පක්ෂ නායකයන් මෙන්ම පොදු මහජනතාව විසින් ඉදිරිපත් කළ විරෝධතා පිළිබඳව සංවේදී වීම පිළිබඳව පළමුවෙන්ම අප පක්ෂයේ ප්‍රණාමය ඔබතුමාට පිළිගැන්විය යුතුය. ඒ අනුව ඔබතුමා විසින් පත් කරන ලද කමිටුවට අප පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා පිළිබඳව යම් එකඟතාවකට පැමිණීමට උත්සාහ කිරීම ද අපගේ ඇගයීමට ලක් වේ.

නමුත් නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සහ පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කිරීමට නියමිත බවට සඳහන් කළ යෝජනාවලිය තුළ අප පක්ෂයේ නායකයා විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අඩංගු නොවන බව කනගාටුවෙන් සඳහන් කළ යුතුය. අප පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා විසින් ඔබතුමා වෙත ඉදිරිපත් කළ සහ නීතිපතිවරයාගේ යෝජනා තුළ අඩංගු නොවූ සංශෝධන අතුරින් ප්‍රධාන ත්‍රිත්වයක් ඉතා තීරණාත්මකව වැදගත් වේ. ඒවා පිළිබඳව ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගී ඇති අතර එම විරෝධයන් නොසලකා කටයුතු කිරීම මගින් අපගේ ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බව ඔබතුමා ද පිළිගන්නවා ඇත.

ඉතිහාසයට මෙන්ම ජනවරමට සාධාරණය ඉටු කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වන අපගේ දැඩි විරෝධයට ලක්ව ඇති සහ නැවත සංශෝධනය කළ යුතු හෙවත් නිවැරදි කළ යුතු ප්‍රතිපාදන ත්‍රිත්වය මෙසේ නැවත අවධාරණය කරමු.

1. සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කොට ඇති රජයට බහුතර කොටස් හිමි සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනයෙන් නිදහස් කිරීම.

2. මහජනයාගේ දැනගැනීම පිණිස ගැසට් කිරීමෙන් තොරව හදිසි පනත් සම්මත කිරීම.

3. ද්විත්ව පුරවැසි බාධකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔබ්බට තානාපතිවරුන් සහ රජයේ ප්‍රධාන උසස් නිලතලවලට ද පැනවීම වෙනුවට එම බාධකය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම.

ඒ අනුව ජාතික නිදහස් පෙරමුණ ලෙස අප ඔබතුමාට ඉතා ගෞරවයෙන් අවධාරණය කරනු ලබන්නේ අප ආණ්ඩුවක් ලෙස එම වැරදි නිවැරදි කළ යුතු බව ය. එය ජනවරම ආරක්ෂා කිරීම සඳහා අප විසින් ගනු ලබන දේශපාලන ස්ථාවරයකි. ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම අප විසින් බාර නොගන්නා බව ඉතා ගෞරවයෙන් සඳහන් කරමි. එහෙත් ආණ්ඩුවට සහ රටට එරෙහිව පවතින සතුරු වටලෑම පිළිබඳව ගැඹුරු අවබෝධයකින් යුතුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ආණ්ඩුව ආරක්ෂා කිරීමේ දේශපාලන ස්ථාවරයක් අප විසින් ගනු ලබන බව පූර්වගාමීව මෙසේ දැනුම් දෙමු.

ඔබතුමාට තෙරුවන් සරණයි!

මෙයට,
විශ්වාසී,

 

එස්. විජයසිරි,
ප්‍රධාන ලේකම්,
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන්
2020-10-02

 

Post Views: 3
Previous Post

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් ඇඳිරි නීතිය පනවයි

Next Post

උණ ඇතිනම් වහාම PCR පරික්ෂණයකට යොමු වන්න

editor

editor

Next Post

උණ ඇතිනම් වහාම PCR පරික්ෂණයකට යොමු වන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved