ශ්‍රී දළඳා මාලිඟාවේ කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදනය වී ඇති බවට පැතිර යන රාවයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී දළඳා මාලිඟාවේ මාධ්‍ය අංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ශ්‍රී දළඳා මාලිඟාවේ දෛනික තේවාවන් ඇතුළු සියළු පුද පුජා වත් පිලිවෙත් අඛණ්ඩව මල්වතු – අස්ගිරි මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරව දියවඩන නිලමේ විසින් පුර්ණ අධික්ෂණය යටතේ සිරිත් පරිදි සිදු කරන බවයි.
කෙසේ වෙතත් ශ්‍රී දළඳා මාලිඟාවට පැමිණෙන වන්දනාකරුවන් වෙත රජයේ සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් විධිමත්ව ක්‍රියාත්මක කරමින් වන්දනාමාන කිරීමට අවශ්‍ය සියළු පහසුකම් ශ්‍රී දළඳා මාලිඟාව විසින් සලස්වනු ඇත.