• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම විසින් HNB බැංකුව හා එක්ව ‘Sterling Steorra’ පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

21 January 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ස්ටර්ලිං ආෆ්ටකෙයා වගකීම් සහතිකය (Sterling Aftercare Guarantee) හඳුන්වාදෙමින් මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකල ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා (පුද්.) සමාගම විසින්, මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන හැටන් නැෂනල් බැංකුව සමග එක්ව Sterling Steorra’ නමින් නවමු පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන ඊයේ (20) කොළඹදී දියත් කරන ලදී.

සැම විටම තම පාරිභෝගිකයින් හට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීමට කැප වන ආයතනයක් වන ස්ටර්ලිං සමාගම මෙම වැඩසටහන හඳුන්වාදෙන ලද්දේ එහි ආරම්භයේ පටන් මේ දක්වා එම සමාගම හා ගනුදෙනු කල පාරිභෝගිකයින්ට හා එම සමාගම සමග ඉදිරියේදී එක්වීමට බලාපොරොත්තු වන සියලූ පාරිභෝගිකයන්ට ප්‍රණාම පුද කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය.

 

මෙම වැඩසටහනේ සුවිෂේශත්වයක් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පාරිභෝගිකයින් හට Sterling Steorra’ පාරිභෝගික ප්‍රණාම හරහා එකතු කර ගන්නා ලකුණු (loyalty points) බැංකු ගිණුමකට බැර කර ඒවා මුදල් වලට පරිවර්තනය කර ගැනීමට අවස්ථාව ලැබීමයි. මේ සඳහා HNB බැංකුව සහ ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ආයතනයේ සන්නාම ඇතුලත් විෂේශ බැංකු කාඩ් පතක් ‘Sterling Steorra’ loyalty කදහ්කඑහ කාඩ් පත වශයෙන් නිකුත් කරනු ලැබේ.

 

එමෙන්ම මෙම වැඩසටහන හරහා පාරිභෝගිකයින්ට තවත් වාසි සහ දීමනා රැසක් ලබා දීමේ අරමුණින් ස්ටර්ලින් සමාගම මෝටර් රථ සඳහාම සුවිෂේශී සේවා සපයන ආයතන වන, වාහන බැටරි, ටයර් සහ ශ්‍රව්‍ය උපකරණ (car audio systems) අලෙවි කරන ආයතන, ලීසිං සහ රක්ෂණ සමාගම්, මෝටර් රථ ඇස්තමේන්තු සමාගම් සහ රියදුරු පාසල් වැනි ආයතන රැසක් සමග ද අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත.

 

යම් පාරිභොගිකයෙකි ‘Sterling Steorra’ වැඩසටහන සමගින් ලියාපදිංචි වීමේදී ඔහුට හෝ ඇයට HNB බැංකුව සහ ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ආයතනයේ සන්නාම ඇතුලත් බැංකු කාඩ් පත හෝ ‘Sterling Steorra’ කාඩ් පත තෝරා ගත හැකියි.

 

වත්මන් ස්ටර්ලිං පාරිභෝගිකයින් මෙන්ම ඒ සඳහා ලියාපදිංචි වන නව පාරිභෝගිකයින් ලබා ගන්නා loyalty points අනුව කාණ්ඩ ත්‍රිත්වයකට වෙන් කෙරේ. එම කාණ්ඩ රජත, ස්වර්ණ සහ ප්ලැටිනම් වේ. පාරිභෝගිකයින් හට ස්ටර්ලිං ආෆ්ටකෙයා මධ්‍යස්ථාන (Sterling Aftercare Centres) වලින් සේවා ලබා ගැනීමේ දී බිල් පතෙහි වටිනාකමට අදාලව loyalty points ලබා ගත හැක.

 

HNB බැංකුව සහ ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ආයතනයේ සන්නාම ඇතුලත් බැංකු කාඩ් පත තෝරාගන්නා පාරිභෝගිකයෙකු හට ඔහු හෝ ඇය ලබා ගන්නා loyalty points බැංකු ගිණුමකට බැර කිරීමේ අවස්ථාව උදා වේ. එමන්ම ඒ හරහා ඔවුන්ට බැංකු කාඩ් පත් සඳහා වලංගු වන හෝටල්, අවන්හල් සහ සුපිරි වෙළඳසැල් ආදියෙන් ලබා දෙන සියලූ දීමනා සහ වට්ටම් ද ලබා ගත හැක. මීට අමතරව ඔවුන්ට එම ගිණුමේ අඩංගු මුදලට සමානව පොලී රහිත පහසු ගේවීමේ ක්‍රමයට ණය මුදල් ද, අවුරුද්දක් පුරා නොමිලේ අන්තර්ජාල සහ ීඵී බැංකු පහසුකම් ද ලබා හත හැක.

 

HNB බැංකුව සහ ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ආයතනයේ සන්නාම ඇතුලත් බැංකු කාඩ් පත් හිමියන් ‘Sterling Steorra’ කාඩ් පත් හිමියන්ට ස්ටර්ලිං ආෆ්ටකෙයා මධ්‍යස්ථාන විසින් මෙම වැඩසටහන හරහා ලබා දෙන සියලු දීමනා සහ වට්ටම් ලබා ගැනීමට හැකි වනවා පමණක් නොව, එම ආයතනය විසින් නම් කරන ලද අලෙවිකරුවන් වන වාහන බැටරි, ටයර් සහ ශ්‍රව්‍ය උපකරණ අලෙවි කරන ආයතන, ලීසිං සහ රක්ෂණ සමාගම්, මෝටර් රථ ඇස්තමේන්තු සමාගම් සහ රියදුරු පාසල් වැනි ආයතන මගින් ලබා දෙන සියලු දීමනා සහ වට්ටම් ලබා ගැනීමට ද හැකිවේ.

 

“ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් යනු ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ අපේක්ෂාවන් ඉක්මවා යන ආකාරයේ ජාත්‍යන්තර මට්ටමේ සේවාවන් ලබා දෙන ආයතනයක්- එමෙන්ම දැරිය හැකි මිලකට වාහන මිලදී ගත හැකි මෙන්ම සුවිශේෂී පාරිභෝගික සේවාවන් ලබා දෙන ආයතනයක් ලෙස ද ස්ටර්ලිං සමාගම මෙරට ජනතාව අතර විශේෂ නමක් දිනා සිටිනවා- HNB මෙන්ම එම සමාගම ද මුදලට උපරිම වටිනාකමක් සොයන පාරිභෝගිකයින් වෙනුවෙන් වඩාත් ජනප්‍රිය වෙළෙඳ සන්නාමයක් ලෙස ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා- එනිසා මෙම හවුල්කාරීත්වය තුළින් අපගේ විශ්වාසවන්ත පාරිභෝගික පදනමට හැකි උපරිම වටිනාකමක් ලබා දීම පිළිබඳව අප සතුටු වෙනවා-” යනුවෙන් HNB පාරිභෝගික සහ SME බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය-

 

පාරිභෝගික මධ්‍යස්ථාන 252ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි- බැංකුව අඛණ්ඩව දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් විශේෂ සම්මානයන්ට පාත්‍ර වී ඇති අතර මෑතකදී ඛඵෘ සඟරාව මගින් පළමුවරට ඉදිරිපත් කළ 2019/20 දී මෙරට තුළ වඩාත් සම්මානයට පාත්‍ර වූ (Most Awarded) සමාගම් 50 ශ්‍රේණිගත කිරීම් හි තෙවන ස්ථානයට HNB පත් විය- සුවිශේෂී අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ බැංකුවේ තිරසාර වර්ධනය, ක්‍රියාවලීන් සහ මූල්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ සිදු වූ වැඩිදියුණු කිරීම් ආදී නිර්ණායක සැලකිල්ලට ගනිමින් ඒෂියන් බෑන්කර් සම්මාන උළෙලේදී 2020 සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 11වන වරටත් HNB සම්මානයට පාත්‍ර වීමට කැපී පෙනේ- බැංකුව ලබා ගත් අනෙකුත් සම්මාන අතර ඒෂියන් බෑන්කර් සම්මාන උළෙලේදී 2020 සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 11වන වරටත් සම්මානයට පාත්‍ර වීම හා 2019 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී සම්මාන හතකට හිමිකම් කීම කැපී පෙනේ- මීට අමතරව අඛණ්ඩව වසර තුනක් (2017-2019) ජාත්‍යන්තර මූල්‍ය සඟරාව විසින් විශිෂ්ටතම ක්ෂුද්‍ර මූල්‍ය බැංකුව ලෙස ්‍යභඊ සම්මානයට පාත්‍ර කර ඇත.

 

තවද ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද HNB නම් කරන ලදී- මීට අමරතව බිස්නස් ටුඩේ සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ හොදම සමාගම් 10 (Business Today Top 10) අතරට සහ CIMA සහ විසින් මෙරට ‘වඩාත්ම ගෞරවනීය සමාගම්’ අතරට ද HNB ශ්‍රේණිගත කර ඇති අතර ෆිච් රේටින්ග්ස් (ලංකා) ලිමිටඩ් විසින් බැංකුවට ‘AA+(lka). දිගු කාලීන ණය ශේණියක් ද ලබා දී ඇත.

 

‘‘Sterling Steorra’ පාරිභෝගික ප්‍රණාම වැඩසටහන පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබත් අදම 0117 600 800 දුරකථන අංකය අමතන්න.

 

පිටපත -Communiqe PR.

Post Views: 0
Previous Post

සෞඛ්‍ය අමාත්‍යංශයෙත් කොවිඩ් පොකුරක්

Next Post

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා විශේෂ දුරකථන සේවාවක්

editor

editor

Next Post

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා විශේෂ දුරකථන සේවාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved