අද මේ සිදුකරන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ජනාධිපතිවරයා රටට දීපු පොරොන්දුවක් ක්‍රියාත්මක කිරීමක් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
කවදාවත් මැතිවරණයක්, ඡන්දයක් වෙනුවෙන් මිනිස්සු රටට්ටන්නේ නැති බවත් ලබන ඡන්දෙට ඇවිත්, මේ පාර හැදුව නිසා අපට ඡන්දය දෙන්න කියන්නෙ නැති බව හෙතෙම පැවසිය.
මාර්ගයක් ඉදිවෙනවා කියන්නේ අළුත් සංස්කෘතියක් බිහිවිමක් බවත් මේ අළුත් පාර දිගේ පිටකන්ද ගම්මානය නව ලෝකයකට විවෘත වෙනවා යැයි අමාත්‍යවරයා පැවසිය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (26) පස්වරුවේ මාතර පිටකන්ද කාපට් මාර්ගය ජනතා අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
කිලෝ මීටර් 5.3 ක් වන මෙම මාර්ගය ඉදිවීමෙන් පවුල් 800 කට ආසන්න ප්‍රමාණයකට මින් සෙත සැලසෙන අතර මාවරල, පිටකන්ද, අඹේහේන හරහා නැවතත් මාවරලට පැමිණිය හැකි මෙමගින් ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන තේ කර්මාන්තයට විශාල පිටිවහලක් වනු ඇත. දෛනිකව තේ දළු කිලෝ දහදහසකයට අධික ප්‍රමාණයක් කම්හල් දක්වා ප්‍රවාහනය කිරීම වෙනුවෙන් මෙමගින් ඉටුවන මෙහෙය ඉමහත් වේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ වැස්ස දවසට මේ ප්‍රදේශයේ දරුවන් පාසල් යන්නේ සපත්තු අතට අරගෙන. මේ ප්‍රදේශයේ ජනතාව අසනීපයක් වුණාම රෝහලට ගෙනියන්නේ විශාල දුෂ්කරතාවන් මැද්දේ. ඊටත් වැඩියෙන් දේශපාලඥයෝ කිහිප වතාවක්ම මේ ජනතාව රටට්ටලා තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ මාර්ගය ඉදිකරන්න ප්‍රමුඛත්වය දුන්නේ. පිටකන්ද අදින් පසු ලෝකයේ දියුණූ ගමක්. මේ ප්රදේහයේ වැඩිහිටියන් මෙතෙක් කලක් මාර්ගයක් නොමැතිකමින් මුහුණ දුන් දුෂ්කරතතාවන්, අදින් පසු ඔවුන්ගේ දරුවන්ට අත්විදින්න වෙන්නේ නැහැ. ලබන මාසෙ අපි කපුදූව අධිවේගී මාර්ගයත් විවෘත කරනවා. කොවිඩ් මාරයාගේ මරණ සහතිකයට බියෙන් සියලු දෙනාම මේ වනවිට මුකවාඩම් බැදගෙන සිටින බවත්, මැයි මස වනවිට අවුරුදු 30 ඒ වැඩි සියලු දෙනාටම කොවිඩ් එන්නත ලබාදීමට තීරණය කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, ලෝකයේ රටවල් 102 කට අද වනතුරු කොවිඩ් එන්නත ලැබි නැති බව පැවසීය. නමුත් දෙවෙනි ලක්ෂ 05 ත් මේ වනවිට ලංකාවට හිමිවීම, රජයක් වශයෙන් මෙය අප ලැබූ විශිෂ්ඨ ජයක් යැයිකද පැවසීය. 2012 සිට පත්වීම් නොමැති උපාධිධාරීන් 61,000 කට රජය විසින් පාට, පක්ෂ වැනි කිසිදු භේදයක් නොසලකා රජයේ රැකියා අවස්ථා ලබාදුන් අතර නව රජය විසින් විදුලිබල අමාත්‍යවරයා වශයෙන් තමාට ලබාදුන් අභියෝගය වූ මේ වසර අවසන් වනවිට ලංකාවේ සෑම නිවසකටම විදුලිය ලබාදිම වෙනුවෙන් අයවැයෙන් මුදල් ප්‍රථිපාදන වෙන්කර ඇති බවත්, සිංහල, දමිළ නව වසරට පෙර සමෘද්ධි සහ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් විදුලිය ලබාදී අවසන් කරන බවත් පැවසූ ඩලස් අලහප්පෙරුම මහතා, විදුලිය යනු මූලික අයිතිවාසිකමක් වශයෙන් මේ රජය පිළිගන්නා බැවින් විදුලිබල මණ්ඩලයේ කළින් තිබූ දැඩි නිර්නායකයන් වෙනස් කර, සරල ක්‍රමවේදයන් යටතේ සැමට විදුලිය ලබාදීමට මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටින බවද වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට විසිතුරු මසුන්, මිරිදිය මතස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, භහුදින ධීවර කටයුතු හා මතස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලනාධිකාරිය, මහාමාර්ග අමාත්‍යාංශය සහ මාගා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී වූහ.