අපවත්වී වදාල ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව හෙට දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහය උන්වහන්සේ වැඩවිසූ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබද ආදාහන පූජෝත්සවය හෙට නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවිසැල් සහ සුරාසැල් හා මත්පැන් අලෙවි මධ්‍යස්ථාන හෙට දිනයේ වසා තැබිය යුතු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි.
මේ සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ද ඊයේ අනුමැතිය හිමිව ඇත. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහයට, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අවසන් ගෞරවය දැක්විය.