බගවන්තලාව, කොටියාගලවත්ත ප්‍රදේශයේදී ඊයේ (02) පස්වරුවේ පොලිස් නිලධාරින් කල වැටළිමකදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වයස අවුරුදු 30 හා 48 වියේ පසුවන බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන්ට ලබන 17 වනදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර ඇත.
බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.