27 April 2024
#දේශීය

එන්නත්කරණ වැඩසටහන ජනපති නිරීක්ෂණයට

කොළඹ, විහාරමහා දේවී එළිමහන් රංග පීඨ භූමියේ ක්‍රියාත්මක, එන්නත්කරණ මධ්‍යස්ථානය ඊයේ (02) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

යුද හමුදාව මගින් ක්‍රියාත්මක මෙම මධ්‍යස්ථානය පැය 24 පුරා විවෘතව ඇති අතර ඊයේ දිනයේ ද විශාල පිරිසක් ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාගැනීමට එම ස්ථානයට පැමිණ සිටියහ.

දින දෙකක් තුළදී 244,251 දෙනෙකු ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාගෙන ඇති අතර පළමු මාත්‍රාව කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීම ඊයේ (02) ආරම්භ කෙරිණ.

සෞඛ්‍ය ලේකම්, මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *