27 April 2024
#දේශීය

වෘත්තීය පුහුණුවක් ලබාදීම තුලින් රැකියා ගැටලු විසදිය හැකියි – රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්

වෘත්තීය පුහුණුවක් ලබා ගැනීම තුලින් රැකියා සඳහා හොඳ අඩිතාලමක් හදා ගතහැකි බව පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(01) ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ(Naita) මඩකලපුව මධයස්ථානයේ නිරීක්ෂණයට සහභාගි වෙමිනි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසකට මෙම මධයස්ථානයේන් හොඳ පුහුණුවක් ලබා දුන්නඳ ඉඩකඩ මදි ගැටලුවක් පවතින බවද හැකි ඉක්මනින් ඉඩකඩ ඇති හොඳ ගොඩනැගිල්ලකට මෙම මධයස්ථානය ගෙනයාමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

මෙම අවස්ථාව සදහා අධිකාරියේ සභාපති නලීන් තරංග ගම්ලත් මහතා, අධ්‍යක්ෂ S.V.වික්‍රමසිංහ මහතා හා මඩකලපුව මධයස්ථානයේ කළමනාකරු M.මවුලානා මහතාද සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *