කොරෝනා මරණ සහ ආසාදිතයන් ඉහලයෑම පාලනය කිරීමට නම් යම් කාලසීමාවකට රට වැසීම හෝ ඇඳිරිනීති පැනවීමක් සිදුකල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
ඊයේ(18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දි මාධ්‍ය අමතමින් ඒ මහතා පැවසුවේ වෛද්‍ය විශේෂඥයන්ගේ, විද්වතුන්ගේ සහ දේශපාලන පක්ෂ නායකයන්ගේ ඉල්ලීම වී ඇත්තේද කොරෝනා වසංගතය ව්‍යසනයක් දක්වා පැතිරීම වලක්වා ගැනීමට සති කිහිපයකට හෝ රට අඟුලු දැමිය යුතු බවයි.
එන්නත්කරණය සිදුවිය යුතු හොඳම දේ වුවත් අවිධිමත් එන්නත්කරණ ක්‍රියාවලියක ප්‍රතිඵළයක් ලෙස එන්නත්කරණය සිදුකරන ස්ථාන වලින් කොරෝනා රෝගය පැතිර යන බව හෙතෙම කියා සිටියේය.