කියුබාවට සම්බන්ධ පුද්ගලයන් සහ ආයතන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් නව සම්බාධක පනවා ඇති බව එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පෙන්වා දෙයි.
චීනයේ සහ රුසියාවේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළත් කියුබානු ජාතිකයින් 6 දෙනෙකු මෙන්ම කියුබාව පදනම් කරගත් ආයතන 5ක් මෙලෙස ඇමරිකාවේ කළු ලැයිස්තුවට ඇතුළත් කර ඇත. මීට පෙර සම්බාධකවලට ලක් වූ තවත් කියුබානු ජාතිකයින් දෙදෙනෙකුට එරෙහිවද අතිරේක නම් කිරීම් සිදු කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













