• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය සහතික කරන ලෙස විපක්ෂනායක ආණ්ඩුවෙන් ඉල්ලයි

27 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරොනා වෛරසය ආරම්භ වූ චීනයේ මිය ගිය ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා, එනම් 9000ට ආසන්න පිරිසක් මේ වන විටත් අපේ කුඩා රටට අහිමි වී තිබෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවේනදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මෙසේ වැඩිදුරටත් කියා සිටියේය. 

ප්‍රමුඛ පෙළේ වෘත්තිකයින්,දේශපාලඥයින්, ව්‍යාපාරිකයින්, ක්‍රීඩකයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, සාමාන්‍ය පුරවැසියන් මෙන්ම මේ රටේ අනාගත භාරකරුවන් වන කුඩා දරුවන් විශාල පිරිසක් ද ඒ අතර වෙයි. තමන්ගේ සමිපතයින් අහිමිවීමේ ශෝකය සහ කම්පනය කෙතරම්දැයි කියා අප පෞද්ගලිකව ද අත්විඳ තිබේ.

මාගේ දයාබර පියාණන්ගේ අකල් වියෝවේ කම්පනය තවමත් මා අත් විදින අතර එබැවින් මේ අකල්හි සමුගත් සියලු දෙනාගේ සමීපතයින් අත්විඳින කම්පනය පිළිබඳව අපට බරපතල වටහා ගැනීමක් තිබේ. අවසන් සතිය පුරාම හාර දහස ඉක්මවූ කොරෝනා ආසාදිතයින් හමුවී ඇති අතර වෛද්‍ය විශේෂඥයන් කළ පුරෝකථන සියල්ල තහවුරු කරමින් දෛනික මරණ ප්‍රමාණය දෙසිය සීමාව ඉක්මවා යාම ද ඊයෙ(26) සිදුවිය.

මේ අතර ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා  කොරෝනා මරණ සම්බන්ධයෙන්  සාමාන්‍යකරණය සිදුකොට ඇත්තේ කොරෝනා ඇතත් නැතත් දෛනිකව දෙසීයක සීමාව ඉක්මවා මියයන බවට අඳබාල ප්‍රකාශයක් කරමින් ය .

දෛනිකව මෙතරම් ප්‍රමාණයක් මිය යද්දීත්,මුළු ලෝකයම මේ ව්‍යසනය පිළිබඳ ව සලිතව සිටියදීත් ආණ්ඩුවේ ඇතැමුන් ප්‍රකාශ කරන්නේ කොරෝනා යනු සැලකිල්ලට ගත යුතු නැති  සෙම්ප්‍රතිශ්‍යාව තරම් සුළු රෝගයක් පමණක් බව කියාය.

මේ ප්‍රකාශ තුළින්ම ගම්‍ය වන්නේ ආණ්ඩුව මිනිස් ජීවිත ලංසුවට තබා ඇති තරම ය.

අද වන විට එන්නත්කරණය ගුටි බැට හුවමාරුවලට පෙරලී ඇත.

රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර බරපතල ඖෂධ හිඟයකට රට පත්ව ඇත.

සෞඛ්‍ය සේවකයින්ට  දේශපාලකයින් උපදෙස් දීමට යාම හේතු කොටගෙන ඔවුන් මහත් පීඩනයකට පත්ව ඇත . රට වසා දැමීමෙන් පසු ජන ජීවිත සුරක්ෂිත කිරීමේ තීන්දුව ලබා දී,ජනතාව පිළිබඳ වගකීමෙන් අත පිසදා ගත් ආණ්ඩුව මේ වන විට ජනතාවට උහුලා ගන්නට බැරි තරමට අත්‍යවශ්‍ය  භාණ්ඩවල මිල ඉහළ දමා ඇත.

වී කිලෝ පහක් අලෙවි කළත් අද පවත්නා අධික මිලට සීනි කිලෝවක් මිලට ගැනීමට නොහැකි තත්වයට පත්ව ඇත.

ඊයේ වනවිට වෙළදපොළේ සීනි කිලෝවක මිල රුපියල් 210 කි.සතියකට පෙර රුපියල් 160 ක්ව තිබූ සීනි මිල සති දෙකකට පෙර තිබුණේ රු. 140ක්ව ය.පසුගිය මාසයේ මිල රු.115ක් විය.

සීනී මිල ඉහළ යාම තමාට පවා අදහගත නොහැකි යැයි පාරිභෝගික රාජ්‍ය ඇමතිවරයාට පවා කියන්නට සිදුවී ඇත.

නමුත්, සීනි බදු වංචාව නිසා රජයට රුපියල් බිලියන 20ක දැවැන්ත අලාභයක් වු බව අප පසුගිය ජනවාරි 20පාර්ලිමේන්තුවේදී හෙලිකළ අතර මාර්තු16,23,24යන දිනවලද ඒ පිළිබඳව අනාවරණය කළ බව හැංසාඩ්ගතව තිබේ.මේ අසාමාන්‍ය සීනි මිල ඉහළයාමේ වගකීම,එවන් බරපතල වංචාවක් හරහා ගජමිතුරන්ට සහන දුන් ආණ්ඩුව භාර ගතයුතුය.

මෑතක ඇති වූ බරපතළම උද්ධමනයටද මේ වන විට රටේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇත.

ආණ්ඩුව ලබා ගැනීමට පෙර එහි නායකයින් කියන ලද සියලු ජනතාවාදී කතා සහමුලින් පුස්සක් බවට පත්ව ඇති අතර ලබා දුන් සියලු පොරොන්දු ද අමානුෂික ලෙස කඩා දමා ඇත.

නිරෝධායන ඇදිරිනීතිය පනවා රට වසා දමා ඇතැයි ආණ්ඩුව නිවේදනය කළාට එය මොනතරම් අසාර්ථක ද යන්න පැහැදිලි වන්නේ අත්‍යාවශ්‍ය නොවන වාහන පවා දහස් ගණනින් මාර්ගවල දකින්නට ලැබෙන හෙයිනි.

මේ රට ගොඩ නැඟීමක්  හෝ සංවර්ධනය කිරීමක සේයාවක්වත් වර්තමාන ආණ්ඩුවට ලබාදිය නොහැකි බව ආණ්ඩුව විසින්ම සහතික වශයෙන්ම ඔප්පු කොට ඇති අතර අප ඉල්ලා සිටින්නේ අඩු තරමේ, මේ රටේ පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය හෝ සහතික කරන ලෙසය. එම නිවේදනයේ වැඩිදුරටත් එසේ සඳහන්ව තිබේ.

 

Post Views: 6
Previous Post

නිරෝධායන ඇඳිරිනීතිය එළැඹෙන 6 වනදා දක්වා දීර්ඝ කරයි

Next Post

කොරෝනා වෛරසය පාලනයට ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය ගැන අවධානය යොමු කළ යුතුයි – ජනපති

editor

editor

Next Post

කොරෝනා වෛරසය පාලනයට ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය ගැන අවධානය යොමු කළ යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

වෙඩිතැබීමකින් 12ක් මරුට

26 June 2025
තවත් බිහිසුණු අනතුරක් (photo)

තවත් බිහිසුණු අනතුරක් (photo)

26 June 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

26 June 2025
බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

වෙඩිතැබීමකින් 12ක් මරුට

26 June 2025
තවත් බිහිසුණු අනතුරක් (photo)

තවත් බිහිසුණු අනතුරක් (photo)

26 June 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

26 June 2025
බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

වෙඩිතැබීමකින් 12ක් මරුට

26 June 2025
තවත් බිහිසුණු අනතුරක් (photo)

තවත් බිහිසුණු අනතුරක් (photo)

26 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved