ඇල්ල, පස්සර පාර ප්රදේශයේ ඊයේ (28) පස්වරුවේ කාන්තාවක් නිවසේ කාමරයක් තුළ පිළිස්සි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
ඇල්ල පොලිසිය කල විමර්ශනයට අනුව මෙම මරණය සැක සහිත බව අනාවරණ වී ඇත. මිය ගිය තැනැත්තිය වයස අවුරුදු 74 ක එම නිවසේ පදිංචිකාරියකි.
මෘත ශරීරය සිද්ධිය වු ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහේස්ත්රාත් පරික්ෂණය බණ්ඩාරවෙල මහේස්ත්රාත්වරයා විසින් අද (29) සිදු කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.