• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිලධාරින්ගේ බොරු තර්ජනවලට බයේ කෙහෙලියව රූකඩයක් කරන්න එපා – රවි කුමුදේශ්

19 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, තමන්ගේ කැබිනට් අමාත්‍ය වරයා සමග ප්‍රසිද්ධියේ මත ගැටුම් ඇති කර ගැනීම ඉතිහාසය තුල ඉතා දුර්ලභ බවත් මේ වන විට ඉතා බහුලව සිදුවෙමින් පවතින එම තත්වයට හේතුව රාජ්‍ය අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශය අභිබවා බලය කෙන්ද්‍ර ගත කරගෙන තිබීම බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

අද (19) පැවැති මාධ්‍ය හමුවේදී ඒ් මහතා පවසා සිටියේ ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය පමණක් නොව රසායනාගාර සේවාව වැනි අංශ සියල්ල කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාලනයෙන් ගිලිහී තිබෙන තත්වයක් තුල, සෞඛ්‍ය ලේකම් වරයා වැනි ප්‍රධාන නිළධාරීන්ද කැබිනට් අමාත්‍යාවරයාගෙන් ඔබ්බට ගොස් නියෝග දෙන තත්වයක් තුල, රටේ මහජනතාව පත් කල ව්‍යවස්ථානුකුල අමාත්‍යවරයා, රෝග ටික පමණක් අයත් රූකඩයක් බවට පත්ව තිබෙන බවයි. මෙම ගැටුමෙහි ගොදුරක් බවට පත්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වැරද කරුවෙකු ලෙස ඉවත් කෙරිනු බව හෙතෙම පැවසිය.

වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා එම ගැටුමට මුහුණදීමේදී, ඉල්ලා අස්වන බවට තර්ජනය කරමින් බලය කේවල් කිරීම, ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ප්‍රධාන නිළධාරීන්ගේ ඉල්ලා අස්වීමේ වාර්තාවෙහි සැබෑ තත්වය බව කුමුදේශ් මහතා කියා සිටියේය.

ඖෂධ පිළිබද වංචාවන් සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් වීම පිළිබදව සෙවීම සදහා රාජ්‍ය අමාත්‍යාවරයා පත්කල විශේෂඥ කමිටුව, ඖෂධ වංචාවන් පිළිබදව සෙවීම පසෙකට දමා, රාජ්‍ය අමාත්‍යවරයාට කැබිනට් බලතල ලබා දෙන ලෙස සිය පළමු නිර්දේශ මගින් යෝජනා කිරීමද මෙම ගැටුමෙහිම එක් පරිච්චේදයක් බව ඔහු අනාවරණ කලේය.

“නිදහසේ වැඩ කර ගෙන යෑම සදහා” ජනපති නියෝගයක් ලබා ගැනීම එම කණ්ඩායමේ උත්සාහය වී ඇති බව පැහැදිළි වන අතර, ඔවුනගේ නිදහස් යනු කැබිනට් අමාත්‍යවරයා අභිබවමින් තීරණ ගැනීම සහ ලෙඩ ටික කැබිනට් අමාත්‍යවරයාට පවරා, පාලනයෙන් තොර නිදහසක් භුක්ති විදීම බව කුමුදේශ් මහතා කියා සිටියේය.

කෙසේ නමුත් ඖෂධ පිළිබදව වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීමේ සැබෑ අරමුණ ඉටු වී ඇත්ද යන්න නැවත සලකා බැලීමක් මේ මොහොතේ සිදු කරන ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර, බැලූ බැල්මට අනවශ්‍ය ගැටුම් සහ ගැටළු වලට අමතරව, ඉන් මහ ජනතාවට අත්වූ වාසියක් පෙනෙන්නට නැති බව හෙතෙම අවධාරණය කලේය.

එන්නත් ගෙන්වීම කාර්‍යක්ෂව සිදු කල බවට ඇතැම් නිලධාරීන් ප්‍රචාරාත්මක වාසියක් ලබා ගැනීමට උත්සාහ කලද ලෝකයේ අඩුම ඉල්ලුමක් සහිත චීන එන්නත වැඩිම මිලකට ගෙන්වා ගැනීම සදහා විශේෂ කළමනාකරණ දක්ෂතාවයක් අවශ්‍ය නොවන බවද අප මෙහිදී පෙන්වා දෙන බව ද කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 0
Previous Post

ගෝඨාගේ මඩ බලකායෙන් ජවිපෙට ගහපු මඩක් ගැන CID යට පැමිණිල්ලක්

Next Post

ඉදිරි වසර තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වඩාත් සක්‍රීය කරනවා – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

ඉදිරි වසර තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වඩාත් සක්‍රීය කරනවා - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved