ශ්‍රී ලංකාව සම්බන්ධ ගැටලු සහ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීසස් කොලේජ් (Jesus College) වෙත ගිය බව විදේශ අමාත්‍යංශය පවසයි.
එම අවස්ථාවට රාජකීය උපදේශක මහාචාර්ය ශ්‍රීමත් අයිවන් ලෝරන්ස්, රාජකීය අධිකරණ සභික, රාජකීය උපදේශක අති ගෞරවනීය රූපට් ජැක්සන් ශ්‍රීමතාණන්, රාජකීය උපදේශක මහාචාර්ය මැඩ්ස් ඇන්ඩීනස්, මහාචාර්ය ඇන්ඩී හෙයින්ස්, මහාචාර්ය බැරී රයිඩර්, කිම් හොලිස් මෙනෙවිය සහ ආචාර්ය ඩොමිනික් තෝමස් – ජේම්ස් යන විද්වතුන් සහභාගි විය.
මෙම සාකච්ඡාව සඳහා සහභාගී වීමෙන් දැක්වූ කාරුණික භාවය සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ලෙස ඔවුන් සතු වටිනා අදහස් සහ යෝජනා අගය කරමින් විදේශ අමාත්‍යවරයා සිය ස්තුතිය පුද කළේ ය.
අනතුරු ව මහාචාර්ය පීරිස්, රාජකීය උපදේශක ඩැනියෙල් බ්‍රෙනන් සාමිවරයා සහ ඕස්ට්‍රේලියාවේ හිටපු විදේශ අමාත්‍ය සහ එක්සත් රාජධානියේ රාජ්‍ය නිතී ප්‍රතිපත්ති සම්පාදකවරුන්ගේ අන්තර්ජාතික විද්‍යාලයෙ හි (International School for Government in the United Kingdom) වත්මන් අධ්‍යක්ෂක වන ඇලෙක්සැන්ඩර් ඩවුන්ර් යන විද්වතුන් ලන්ඩනයේ වෙනත් අවස්ථාවක දී හමුවිය.