27 April 2024
#දේශීය

අපේ ළග ඉදන් අපිව කාලා ජනවරමක් අරගන්න අපි ඉඩ දෙන්නේ නෑ – ඇමැති ගාමිණි

ආණ්ඩුවට එරෙහි ජනතාව ඉදිරියේදී ප්‍රකාශ නිකුත් කිරිම පිළිබඳ විනයක පරික්ෂණයක් පැවැත්විය යුතු බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට යුගදනව් ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී ඊට එරෙහිව ජනතාව ඉදිරියේ කතා කරන ඇමැතිවරුන් තිදෙනාම කැබිනට් මණ්ඩලයෙහි සිටි බවත් ඔවුන් එහිදී පැවසුවේ කොටස් විකිණිම පිළිබද විරුද්ධ නොමැති බවයි.

එවැනි දේ පවසා ජනතාව ඉදිරියේදී එයට විරුද්ධයි ප්‍රකාශය කර ඉදිරියට ජනාධීපතිකම් හදාගන්නනම් එයට ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් ඒ කටයුතු කරගන්නයැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *