27 April 2024
#දේශීය

පවුල් ආරවුලකින් නැන්දනිය මරුට

අඟුරුවාතොට, රෙමුණ ප්‍රදේශයේ නිවසක ඊයේ (30) රාත්‍රියේ ඇති වු පවුල් ආරවුලකින් වයස අවුරුදු 58 ක කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම නිවසේ සිටි එම කාන්තාවට සහ ඇගේ සැමියාට බෑනා විසින් පොල්ලකින් හා තියුනු ආයුධයකින් පහර දීම හේතුවෙන් කාන්තාව එම ස්ථානයේම මිය ගොස් ඇත.

තුවාල ලැබු පිරිමි පුද්ගලයා හොරණ රෝහලට ඇතුලත් කර තිබේ.

පොලිසිය පැවසුවේ මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදු වු ඇති බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *