මෙරට පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කල නොහැකි පාරිභෝගික අධිකාරියේ නම වෙනස් කල යුතු බව මහජන අයිතින් සුරැකිමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
ඒ මහතා අද (05) පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට පැවැති විරෝධතාවයකට එක්වෙමින් පවසා සිටියේ පාරිභෝගික අධිකාරියට ව්‍යාපාරික අධිකාරිය ලෙස නම වෙනස් කල යුතු බවයි.
මෙම අධිකාරිය භාරයේ කැබිනට් ඇමැතිවරයෙකු සහ රාජ්‍ය ඇමැතිවරයෙකු සිටින බවත් ඔවුන්ට රෙදි ඇදගෙන ඔවුන්ගේ පැරණි රැකියාව සඳහා යන ලෙස අසේල සම්පත් මහතා මෙහිදී කියා සිටියේය. එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ මහජනතාව මෙම ස්ථානයට රැගෙන එන බවයි.
මෙම ඇමැතිවරුන් දෙදෙනා පාරිභෝගිකයා වෙනුවට ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීමක් දක්නට ලැබෙන බව ද ඔහු අනාවරණ කලේය. අද පෝලිමේ නැත්තේ පොදු වැසිකිලියට පමණක් බව අසේල සම්පත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.