27 April 2024
#සංවර්ධන

කිලිනොච්චි ජනතාවට රුපියල් ලක්ෂ 288 ක නව සංවර්ධන ව්‍යාපෘති රැසක්

කිලිනොච්චිය, පච්චිලයිපල්ලි, කරච්චි සහ කණ්ඩාවලෛයි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නව සංවර්ධන ව්‍යාපෘති 05 ක් ජනතා අයිතියට පත් කිරීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

ඒ අනුව එම ව්‍යාපෘති වන්නේ පොල්තෙල් නිෂ්පාදන කම්හල, කොහු කර්මාන්ත ශාලාව, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන කම්හල, බේකරි නිෂ්පාදන අලෙවිසැල සහ පොල්තෙල් නිෂ්පාදන කම්හල් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ නිවාස විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් මත, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මෙහෙයවීමෙන් ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *