• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජීවිත පුද කොට රැක ගත් කොවිඩ් පාලනය ඇතැමුන් විනාශ කිරීමට උත්සාහ දරනවා -සෞඛ්‍ය ඇමති

15 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු බොහෝ පිරිස් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත් කොවිඩ් පාලනය ඇතැමුන් විරෝධතා උද්ඝෝෂණ ඔස්සේ හිතාමතා විනාශ කිරීමට පහත් මට්ටමේ උත්සාහයන් ගනු ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ජනතාවගේ මූලික අයිතියක් වන සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් ඔවුනට ලබා දීම රජයක වගකීම බවත් එනිසා රටෙහි සියලු පුරවැසියන් වෙනුවෙන් එය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බැඳී සිටින බවත් අමාත්‍යවරයා පැවසිය.

කිසියම් කණ්ඩායමක් මේ මොහොතේ ජනතාව ඒකරාශී කරවීමට පහත් අයුරින් කටයුතු කරන්නේ නම් එය සමස්ත ජනතාවගේම සෞඛ්‍යට මහත් තර්ජනයක් කිරීමක් යැයිද හෙතෙම කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා “කොවිඩ් වසංගතය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ ගැසට් පත්‍රයෙහි රටේ ජනතාව යම් යම් සීමාවන් තුළ හැසිරීම පිළිබඳව ප්‍රකාශයට පත් කරන්නට යෙදිණි. ඒ තුළ පුද්ගල ඒකරාශී වීම් සම්බන්ධව පැහැදිලිව අර්ථ දක්වා තිබෙනවා. එහෙත් අද අපේ රටේ විපක්ෂය එය උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට උත්සාහ දරන බව පෙනී යනවා. ඔවුන්ගේ පැත්තෙන් විරෝධතා , උද්ඝෝෂණ පැවැත්වීම මෙන්ම මේ සඳහා විවේචන ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් නැහැ. එහෙත් ඒ සඳහා මෙය නිවැරදි කාලය දැයි අවබෝධ කරගතයුතුව තිබෙනවා.ඒ අනුව ප්‍රසිද්ධ රැස්වීම් , ප්‍රසිද්ධ ස්ථාන වල පුද්ගල ඒකරාශී වීම් තාවකාලිකව නවතා තිබෙනවා. මෙය කොවිඩ් ව්‍යසනය තවදුරටත් අවම තත්ත්වයට පත්වන තෙක් ක්‍රියාත්මක කෙරේ. සමහරුන් කියනවා අපි මුළු රටම ගෙනල්ලා කොළඹ හොල්ලනවා කියා. මෙවැනි විරෝධතා උද්ඝෝෂණ ඉතිහාසයේ බොහෝ අවස්ථාවල අපි දැක තිබෙනවා. විරෝධතා උද්ඝෝෂණ කිරීමට ජනතාවට එවැනි අයිතියක්ද තිබෙනවා. එහෙත් මේ මොහොතේ මෙවැනි ප්‍රකාශ මෙන්ම එවැනි උත්සාහයන් තුළින් බරපතල ව්‍යසනයක සේයා මතු වෙමින් තිබෙනවා. කිසිදු විරෝධතාවක් උද්ඝෝෂණයක් සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ කිසිසේත් සිදුවන්නේ නැහැ. මේවා මුළුමනින්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ අමු අමුවේ උල්ලංඝණය කරමින් සිදුවේ.එවැනි තත්ත්වයන් තුළ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවේ සුරක්ෂිතතාව උදෙසා අමාත්‍යාංශය ලෙස අපට පෙනී සිටීමට සිදු වෙනවා. ජීවිත පරදුවට තබා කර ගෙන ආ කොවිඩ් පාලනය නිසාවෙන් රට මේ වන විට ජාත්‍යන්තර ප්‍රසාදයට පවා ලක්ව තිබෙනවා මේ තුළ ඉතාමත් අවාසනාවන්ත ලෙස පටු අරමුණු ඉෂ්ට කරගැනීමට යම් පිරිසක් උත්සාහ ගන්නේ නම් අපට එයට එකඟ විය නොහැකිය. මෙම අවාසනාවන්ත වැඩපිළිවෙලට කවුරුන් හෝ සහය දක්වන්නේ නම් එය රටෙහි උපන් නූපන් පරපුරට එරෙහි වීමකි. ගතවුණු වසර දෙකකට ආසන්න කාලය තුළ විවිධ අත්දැකීම් ඔස්සේ කොවිඩ් පාලන ක්‍රියාවලිය විශාල වශයෙන් ජයගත් අප යම් අවස්ථාවන්හි අමිහිරි තත්ත්වයන්ට පවා මුහුණ දෙනු ලැබුවා. එන්නත් කිරීම ආරමිභක අවස්ථාවේ එයට එරෙහිව විපක්ෂය විවිධ ප්‍රචාර ගෙනගියද අප මේ වන විට සමස්ත ජනගහනයෙන් 72.4% කට එනනත් ලබා දී තිබෙනවා. ඉලක්කගත පාසල් සිසුන්ගෙන් 70% ක්, අවුරුදු 20-29 කාණ්ඩයෙන් 59.3% ක් එන්නත්කරණයට ලක් කර තිබෙනවා. තුන්වන එන්නතක් සඳහා මේ වන විට යොමුව ඇත්තේ ලොව රටවල් කිහිපයක් පමණි. ඉන් ජයගත් අප මේ වන විට බූස්ටර් එන්නත ලබා දෙමින් තිබෙනවා. මේ ව විට මිලියන 14.5 ක එන්නත් ඒ වෙනුවෙන් ඇණවුම් කර තිබෙනවා. සෞඛ්‍ය අංශ ඇතුළු ඉදිරිපෙළ පිරිස් සඳහා එම එන්නත ලබා දීමෙන් අනතුරුව අවුරුදු 60 න් ඉහළ පිරිස් සඳහා ප්‍රමුඛතාව මත එන්නත් ලබා දීම සිදු කරනවා.යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගණවර්ධන මහතාද එක්ව සිටියේය.

 

Post Views: 4
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව ජනපතිට 

Next Post

මිලියන 40,000 ක මුදලකින් නව ධීවර වරායන් 07 ක් ලබන වසරේ සංවර්ධනය කෙරේ – ධීවර ඇමැති ඩග්ලස්

editor

editor

Next Post

මිලියන 40,000 ක මුදලකින් නව ධීවර වරායන් 07 ක් ලබන වසරේ සංවර්ධනය කෙරේ - ධීවර ඇමැති ඩග්ලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved