27 April 2024
#දේශීය

මිලියන 40,000 ක මුදලකින් නව ධීවර වරායන් 07 ක් ලබන වසරේ සංවර්ධනය කෙරේ – ධීවර ඇමැති ඩග්ලස්

පේදුරු තුඩුව, බලපිටිය, පේසාලේ, ගුරුනගර්, කප්පරතොට, පුදුවේ කට්ටු, වාලජ්චේන යන ධීවර වරායන් මිලියන 40,000 කට අධික මුදලක් වැය කරමින් ලබන වසරේ සංවර්ධනය කිරීමට සැළසුම්කොට තිබෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

මෙයින් පේදුරුතුඩුව, වලතුඩුව, කප්පරතොට, පේසාලේ, යන වරායන් වල සඛ්‍යතා වාර්තා හා සැළසුම් ද සකස්කොට අවසන් බව මෙම වැඩකටයුතු කරගෙන යන ධීවර වරාය සංස්ථාවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රභාත් මහතා පැවසිය.

ඉතිරි වරායන් 03හි ද හැකි ඉක්මණින් සක්ඛ්‍යතා වාර්තා සකස්කර අවසන් කිරීමෙන් පසු මෙම සංවර්ධන කටයුතු ආරම්භ කරනු ඇත.

එසේම ශ්‍රී ලංකාවේ විශාලතම ධීවර වරායන් වන වෙල්ලමංකර හා කලමැටිය ධීවර වරායන් ද මිලියන 3500 ට අධික මුදලක් වැය කොට ලෝකයේ නවීණතම වරායන් ලෙස සංවර්ධන වැඩ අවසන්කොට තිබෙන අතර ඒවා ලගදීම විවෘත කිරීමට බලාපොරොත්තු වේ.

රැකව, මාවැල්ල, ගන්දර, යන ධීවර වරායන් වල සංවර්ධන කටයුතු රුපියල් මිලියන 10,000 ක මුදලක් වැය කරමින් දැනට කරගෙන යන අතර ඉන් කිහිපයක වැඩ ලබන වර්ෂයේ දී අවසන් කිරීමට නියමිතව ඇත.

මෙම ධීවර වරායන් සංවර්ධනය විමෙන් පසු ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට ලෝකයේ නවීණතම ධීවර වරායන් වල ඇති පහසුකම් හිමි වන අතර ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය වන අතර ලෝකයේ සංවර්ධනය වු රටවල ධීවර ප්‍රජාව භුක්ති විදින පහසුකම් වලට සමාන පහසුකම් භුක්ති විදීමට ලැබෙන අතර මෙම සංවර්ධන කටයුතු තුළින් මේ රටේ ධීවර ප්‍රජාවගේ ජීවන තත්වය ඉහලට ගෙන එන බව අමාත්‍ය ඩග්ලස් දොවානන්දා මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *