මාතලේ විජය විද්‍යාලයේ ප්‍රාථමික අංශය අසළ අධිකරණ අමාත්‍යංශයට අයත් භුමියක මාතලේ නව අධිකරණ සංකිර්ණයේ ඉදිකිරිම් තාවකාලිකව අත්හිටුවිමට මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව තිරණය කර තිබේ.
ඒ, ඉකුත්දා පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි මෙම තිරණය ගෙන ඇති බව මාතලේ මහ දිසාපතිවරයා විසින් අධිකරණ අමාත්‍යංශ ලේකම් වරයා වෙත මේ බව ලිඛිතව දැනුම් දි තිබේ.
ඉකුත් 03 වෙනි දින මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදි මෙම තිරණය ගෙන තිබේ.
එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති අනුකමිටුවක් මගින් විජය විද්‍යාලයේ ප්‍රාථමික අංශය සහ ද්විතියික අංශය අතර අතර අධිකරණ අමාත්‍යංශයේ භූමියේ මෙම ඉදිකිරිම් සිදු කිරිමට 09.15 දින පැවති රැස්විමකදි තිරණය කළත් මේ සම්බන්ධයෙන් පාසලේ ආදි ශිෂ්‍ය සංගමය සහ විවිධ පාර්ශ්වයන් විසින් ගැටලු රාශියක් ඉදිරිපත් කිරිම නිසා මෙම තිරණය ගත් බවද සදහන් වේ.
මාතලේ මහේෂ් කිර්තිරත්න