චාවකච්චේරි, මට්ටුවිල් උතුරු ප්රදේශයේදී ඊයේ (23) අලුයම කාලයේදී මවක් විසින් දරු ප්රසුතිය සිදු කර එම දරුවා නිවස පිටුපස පණපිටින් වලලා සිටියදී පොලිසිය විසින් සොයා ගෙන ඇත.
අලුයම කාලයේදී දරු ප්රසුතිය සිදු කල එම මව විසින් දරුවා පණපිටින් වලලා ඇති බවට ප්රදේශයේ ග්රාම නිලධාරිනිය විසින් කරන ලද පැමිණිල්ලක් මත චාවකච්චේරිය පොලිස් නිලධාරින් විසින් එම ස්ථානයට ගොස් වල දමා සිටි බිළිදිය ගොඩ ගෙන ඇති අතර බිලිඳිය මිය ගොස් නොසිටි අතර ඇයව යාපනයේ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.
දැරියගේ මව ද චාවකච්චේරිය රෝහලේ ප්රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.