• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

madeinsrilanka.org යනු රජයේ වගකීම සහිත ප්‍රථම අන්තර්ජාල වෙළඳ ද්වාරයයි -කර්මාන්ත අමාත්‍ය විමල්

12 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

madeinsrilanka.org යනු මේ රටේ දළ ජාතික නිෂ්පාදිතයට 52%ක දායකත්වයක් ලබාදෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ, කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ම කැප වන, රජයේ වගකීම සහිත ප්‍රථම අන්තර්ජාල වෙළඳ ද්වාරය බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එසේම එය අනවශ්‍ය ලාභ ඉපැයීම අරමුණු කර නොගත්, හොඳ ගුණාත්මක දේශීය නිෂ්පාදන පමණක් පාරිභෝගිකයාට හෝ ව්‍යාපාරිකයාට ඇණවුම් කිරීමට අවස්ථාව සලසා දෙන අන්තර්ජාල වෙළඳ ද්වාරයක් ලෙස ක්‍රියාත්මක වන බව හෙතෙම පැවසිය.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ(11) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය ජනගත කිරීමේ උළෙලෙහි ප්‍රධාන ආරාධිත දෙසුම සිදු කරමිනි.

එහිදී අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය. “අපි නොදන්නවා වුණාට වෙළඳපොළේ තිබෙන වෙළඳ දැන්වීම් තරගයට මුහුණ දෙන්න බැරි නිසා, රූපවාහිනී නාලිකාවල ‘පීක් ටයිම් එකේ’ වෙළඳ දැන්වීමක් දාගන්න හයියක් නැති හින්දා ඉතාම ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන තිබෙනවා එක තැනකින් ඉස්සරහට යා ගන්න බැරිව. අපට ඒ ‘හිරවෙන තැනට’ උත්තරයක් දෙන්න බැරිනම් අපි මේ තනතුරු, වගකීම් දැරීමේ ප්‍රතිඵලයක් නැහැ. ඉහත කී නිෂ්පාදකයන් ඒ හිරවෙන තැනින් එළියට ගත්තොත් විතරයි මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හැදෙන්නේ. අපේ ගොවියාගේ කෘෂි නිෂ්පාදන ඇසුරු කරගත්, අගය එකතු කළ නිෂ්පාදන දාමයක් පණගැන්වෙන්නේ, අපි ඒ අයව හිරවෙන තැනින් එළියට ගන්න දක්වන දායකත්වය ප්‍රබල වන තරමටයි. පසුගිය වසර දෙක තුළ අපි ඒ වෙනුවෙන් හැකි පමණ කැප වුණා. මේ අන්තර්ජාල වෙළඳ ද්වාරය ආරම්භ කිරීම මගින් ඊටත් වඩා වැඩියෙන් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් ආරක්ෂිතව ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙයි කියන බලවත් විශ්වාසය අපට තිබෙනවා.

මා ඉහත සඳහන් කළා වගේම ලෝකය අපට වඩා මේ අතින් බොහෝ ඉදිරියට ගිහින් හිටියත් අද මේ ඇති වී තිබෙන කුණාටු සහගත වාතාවරණය අතරින් යම්කිසි බලාපොරොත්තු සහගත ‘රිදී රේඛාවක්’ දැල්වෙන බව අපි හඳුනාගෙන තිබෙනවා. වෙනදා පිටරටින් එන භාණ්ඩය තමයි මිලෙන් අඩු. අපේ නිෂ්පාදනයට වඩා අඩු මිලකට, ඊට වඩා හොඳ පෙනුමැති නිෂ්පාදනයක් විදේශයකින් එනවා. එවිට අපේ නිෂ්පාදනයට එයත් සමග තරග කිරීමට නොහැකිව තිබුණා. නමුත් අද තත්ත්වය ඊට වඩා වෙනස්. අද සැපයුම් මාර්ග බරපතළ ලෙස බිඳවැටී තිබෙනවා. විදේශ නිෂ්පාදනවල මිල කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ තත්ත්වය ඇතුළේ දේශීය වශයෙන් නිපදවන දෙයට නව අවකාශයක් නිර්මාණය වී තිබෙනවා. එය හඳුනාගෙන එම අවකාශය අත්පත් කර ගැනීම සඳහා අපේ නිෂ්පාදකයා, කර්මාන්තකරුවා බලගැන්වීම තමයි අද දවසේ අපට පැවරී ඇති ප්‍රබලතම වගකීම. භූ දේශපාලනික වෙනස්කම් අපට පෙනෙනවා. චීන නිෂ්පාදන, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල වෙළඳපොළ ප්‍රතික්ෂේප කරමින් තිබෙනවා. ඒ නිසා චීන කර්මාන්ත අද චීනයෙන් එළියට වෙනත් සුදුසු ස්ථාන කරා යමින් තිබෙනවා. ඒවා ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් අප අත්පත් කරගත යුතුව තිබෙනවා. අපේ රටේ කර්මාන්තකරණය දේශීය වශයෙන් ප්‍රබල තැනකට ගෙන ඒමට නම් ඒ කරුණු අවබෝධ කරගෙන යන ගමනේදී අපි විශ්වාස කරනවා, අද ජනගත කළ madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය, අපේ දේශීය නිෂ්පාදකයාව ආරක්ෂිතව බලසම්පන්න කොට ඉදිරියට රැගෙන යාවි, කියා.

මට මේ අවස්ථාවේ අපේ ලේකම්තුමා පැවසූ කතාවක් සිහියට එනවා. එයට පදනම් වෙන්නේ එතුමා ඊශ්‍රායලයට ගිය අවස්ථාවක එරට හමුදා ප්‍රධානියා අහපු ප්‍රශ්නයක්. එතුමා මෙරට හමුදාපතිවරයා ලෙස ඊශ්‍රායලයට ගියාම එරට හමුදා ප්‍රධානියා අහනවා ‘ඔබ දන්නවාද අපට තර්ජනය තිබෙන්නේ මොන රටින් ද?’ කියා. එවිට ටිකක් කල්පනා කරලා කියනවා ‘ඉරානය’ කියා. නමුත් ඊශ්‍රායලයේ හමුදා ප්‍රධානියා හිනාවෙලා කියනවා ‘ඒකත් ප්‍රශ්නයක් තමයි, නමුත් එය කළමනාකරණය කරගත හැකියි’ කියා. තවදුරටත් කල්පනා කරලා දයා රත්නායක මැතිතුමා කියනවා ‘මට ඒක පැහැදිලි මදි’ කියා. එවිට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල හමුදාපතිවරයා කියනවා ‘අපට ලොකුම තර්ජනය තිබෙන්නේ ලංකාවෙන්’ කියා. එවිට හිටපු හමුදාපති දයා රත්නායක මැතිතුමා අහනවා ‘ඇයි එහෙම කියන්නේ?’ කියා. ඊශ්‍රායලය ඔවුන්ගේ යුදමය නිෂ්පාදන, කෘෂිකාර්මික නිෂ්පාදන, ලෝකය පුරා යවනවා. එහෙම යවන ලද සෑම රටක් වෙනුවෙන්ම පසු පහසුකම් සැපයීමේ ‘ඩෙස්ක් එකක්’ ඔවුන්ට තිබෙනවා. සෑම රටක් වෙනුවෙන්ම පසු සේවා සපයන්න කාර්ය මණ්ඩලයක් ඉන්නවා. අනෙක් සෑම රටකටම පත්කොට තිබෙන ‘ඩෙස්ක් එක’ කාර්යබහුලයි. ඔවුනට ඒ රටවලට නිතර නිතර යන්න වෙනවා. නමුත් ලංකාවට පත් කරලා තිබෙන ‘ඩෙස්ක් එක’ කාර්යබහුල නැහැ. ඔවුන් බලා හිටියාට යම් මෙවලමක් කැඩිලා ඔවුන්ට ලංකාවට එන්න කියනකම්, එහෙම ආරාධනාවක් එන්නේ නැහැ. හේතුව තමයි, යමක් කැඩුණොත් අපේ අය හරි දක්ෂයි, මුල් නිෂ්පාදකයාගේ උදව්වකින් තොරව යථා තත්ත්වයට එය පත් කරගන්න, ඒ සඳහා ඕනෑ කරන හැකියාව අපේ තරුණ පරපුර තුළ ඕනෑවටත් වඩා තිබෙනවා.

මට මතකයි යුද්ධ කාලේ ඊශ්‍රායලයෙන් එවූ බර අවි තොගයකට බරපතළ හානි කරලා තිබුණා අතරමගදී. ඒවා හදන්න ඊශ්‍රායලයට යවා අලුත්වැඩියා කර ගැනීමට වෙලාවක් තිබුණේ නැහැ. යුද්ධය ඉතා තීරණාත්මක අවස්ථාවක තිබුණේ. එදා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන් කණ්ඩායමක් ඉතා කෙටි කාලයක් තුළ තිබුණාටත් වඩා හොඳට එම බර අවි තොගය හදලා යාපනය අර්ධද්වීපය බේරා ගැනීම සඳහා යැවීමට දායක වුණා. ඒ අවි තොගය ඊශ්‍රායලයට යවා නැවත ගෙන්වා ගැනීමට සිදු වුණා නම්, ඒ නියමිත මොහොතේ ඒවා යොදා ගැනීමට නොහැකි වීමෙන් අපේ ඉතිහාස කතාවත් මීට වඩා වෙනස් වීමට තිබුණා. ඒ හැකියාව, දක්ෂතාව, නුවණ ජානවලින් එන මිනිස්සු ඉන්න රටක් මේක. මේ රට සමකය ආසන්නයේ ඇති, ගුරුත්වාකර්ෂණයට අඩුවෙන්ම ලක් වන රට. ඒ නිසා තමයි හොඳම තේ, රසම අන්නාසි, හොඳම කුරුඳු, හොඳම ගම්මිරිස් ආදී හොඳම දේ මේ රටේ තිබෙන්නේ. ඒවා සොබාදහම අපට දී තිබෙන වටිනාකම්. ඒ වගේම තමයි ඉතාම නුවණැති මිනිසුන් බිහි වීමට පුළුවන් පොළොවකයි අපි ජීවත් වෙන්නේ. ඒ ජානමය උරුමය තිබෙන අපේ දරුවන්ට, ලෝක වෙළඳපොළ ජයගත හැකි නිෂ්පාදනයක් සමග ඉදිරියට යනවා, කියන එක මහ අමාරු දෙයක් නොවෙයි. ඒකට අවශ්‍ය තණතිල්ල, පිට්ටනිය නියමිත ආකාරයට සකසා දීම පමණයි අප කළ යුතුව තිබෙන්නේ. ‘මැච් එක ඔවුන් ගහනවා, ලකුණු රැස් කරනවා’ ඒ ගැන කිසිදු සැකයක් නැහැ. නිෂ්පාදකයාගේ ඒ මහා ලකුණු රැස්කිරීමේ ක්‍රියාන්විතයට අද මේ අපි ජනගත කළ, රාජ්‍ය මට්ටමින් පවත්වාගෙන යන එකම අන්තර්ජාල වෙළඳ ද්වාරය වන madeinsrilanka.org ඉතා විශාල පිටුවහලක් වේවා’යි මම ප්‍රාර්ථනා කරනවා.” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

පෝලන්ත තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

Next Post

දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන් චෞරයන් විදිහට වැඩ කරනවානම් ඒවා පෙන්වා දෙන්න මාධ්‍යයට කොන්දක් තිබිය යුතුයි – ඇමැති ඩලස්

editor

editor

Next Post

දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන් චෞරයන් විදිහට වැඩ කරනවානම් ඒවා පෙන්වා දෙන්න මාධ්‍යයට කොන්දක් තිබිය යුතුයි - ඇමැති ඩලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved