27 April 2024
#Uncategorised

පෝලන්ත තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වා ඇති පෝලන්ත තානාපති ඇඩම් බුරකොව්ස්කි පසුගිය 08 වනදා විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවිය.

එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය. පෝලන්තයේ ලොට් ගුවන් සමාගම වෙතින් ශ්‍රී ලංකාව සඳහා සෘජු ගුවන් ගමන් යළි ඇරඹීමට සමගාමීව තානාපති බුරකොව්ස්කි මෙම සංචාරයේ නිරත විය.

2022 වර්ෂයේ දී සැමරීමට නියමිත ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වැනි සැමරුම පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍ය පීරිස් මහතා, පෝලන්තය සමඟ ඇති බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව සතු කැපවීම පිළිබඳව යළිදු අවධාරණය කළේ ය. ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් අනුගමනය කිරීමේ අරමුණින් දේශපාලනික මෙන්ම වෙළෙඳ, ආයෝජන, සංචාරක සබඳතා සහ පුද්ගලාන්තර සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණි. තවද, දෙරටේ ව්‍යාපාරික මණ්ඩල අතර නිරන්තර අන්තර් ක්‍රියා පැවැත්වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

යුරෝපා සංගමයේ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට හිමිව ඇති සුවිශේෂීත්වයට අදාළව පවත්නා යුරෝපා සංගම්-ශ්‍රී ලංකා සහයෝගීතාව පිළිබඳව විදේශ අමාත්‍යවරයා තානාපතිවරයා දැනුම්වත් කළේ ය. පෝලන්තයේ ද්වි-මාර්ගික සංචාරක ව්‍යාපාරය මෙන්ම සැකසූ අහාර ප්‍රවර්ධනය කිරීම සඳහා 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති උත්සවයක් පිළිබඳව ද තානාපතිවරයා මෙහිදී දැනුම් දුන්නේ ය.

තානාපතිවරයා මෙම සංචාරය අතරතුර දී විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හමුවිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *