• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

14 December 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය’’ පරිශ්‍රයේ ප්‍රථම බන්ධිත ගබඩා සංකීර්ණයවන හම්බන්තොට ලොජිස්ටික්ස් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) දින ආරම්භ විය.

හෙක්ටයාර් එකක භූමි ප්‍රමාණයක් දක්වා විහිදෙන මෙම ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා විසින් සමරු ඵලකය නිරාවරණය කරනු ලැබීය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට සහභාගිවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට චීන තානාපති කුයි ශෙන්හොං මහතා ඇතුළු පිරිස සමඟ වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වූහ.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ පිහිටි ප්‍රතිනැව්ගත කෙ‍ෙරන වාහන හසුරුවන මෙහෙයුම් අංශය (Ro Ro operations) වෙත ගිය අග්‍රාමාත්‍යතුමා වාහන ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කළේය.

මෙම වසර තුළ පමණක් වාහන ලක්ෂ පහක ප්‍රමාණයක් එම අංශයෙන් හසුරුවා ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා අග්‍රාමාත්‍යතුමාට පෙන්වා දුන්නේය.

වරාය විසින් මෙතෙක් හසුරුවා ඇති ඉහළම වාහන ප්‍රමාණය මෙය වන අතර අග්‍රාමාත්‍යතුමා සහ චීන තානාපතිවරයා එක්ව එම අංගනයේ දී පීත්තපටියක් කපමින් එය සංකේතවත් කළේය.

ඉන්දියාවේ චෙන්නායි, මුන්ද්‍රා, එනෝර්, දකුණු කොරියාවේ ගුන්සාන්, පියොංටෙක්, සහ ජපානයේ ඔසාකා, කොබේ සහ නගෝයා යන වරායන්වලින් ප්‍රතිනැව්ගත කිරීම සඳහා හම්බන්තොට වරායට වාහන රැගෙන එන අතර, දකුණු අප්‍රිකාවේ ඩර්බන්, මෙක්සිකොවේ වෙරක්‍රස්, අමෙරිකාවේ සැන් ඇන්ටෝනියෝ, නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සහ ප්‍රංශයේ ලේ හැවේරේ යන වරායන් වෙත මෙම වාහන ප්‍රතිනැව්ගත කරයි.

වරාය පරිශ්‍රයේ පිහිටි කර්මාන්ත කලාපයේ ඉදිකෙරන ෂෙන්ෂෙන් ෂින්ජි සමූහයට (Shenzhen Xinji Group) අයත් “පිරිනිමි“ (Plug and Play), “කලාපය තුළ කලාපයක්’’ (Park in Park) සංකල්පයෙන් ක්‍රියාත්මක ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදන කර්මාන්ත කලාපය සහ සිලෝන් ටයර් නිෂ්පාදන පුද්ගලික සමාගම විසින් ඉදිකරන ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලා පරිශ්‍රය අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානයට ලක්විය.

ටයර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය මෙන්ම පිරිස් බලයද සැපයෙන්නේ දේශීය වශයෙනි. හෙක්ටයාර් 55.8ක් පුරා විහිදෙන මෙම ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා අදියර දෙකකදී කරනු ලබන ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 600කි.

හම්බන්තොට වරාය විසින් මේවන විට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සහ ඉදිරි සංවර්ධන වැඩ පිළිවෙල ගැන මෙහිදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා විසින් අග්‍රාමාත්‍යතුමා දැනුවත් කරනු ලැබීය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය විසින් ලුණුගම්වෙහෙර ගම්මානය “බලාපොරොත්තුවේ ගම්මානය’’ ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ සන්නස් පත්‍රය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා අතර හුවමාරු කරගැනීම ද මෙම නිරීක්ෂණ චාරිකාවට සමඟාමීව සිදුවිය.

අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, ජී.එල්.පීරිස්, නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ, කළම්බු ලොජිස්ටික් සමූහයේ සභාපති එරික් අම්බලංගොඩගේ මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 0
Previous Post

අර්බුද එනකොට ජනාධිපතිවරු පාර්ලිමේන්තුව වැහුවා – කීර්ති තෙන්නකෝන්

Next Post

ධිවර නිෂ්පාදනය සංවර්ධනය කරන බව ධිවර ඇමැති පවසයි

editor

editor

Next Post

ධිවර නිෂ්පාදනය සංවර්ධනය කරන බව ධිවර ඇමැති පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved