27 April 2024
#Uncategorised

ධිවර නිෂ්පාදනය සංවර්ධනය කරන බව ධිවර ඇමැති පවසයි

ශ්‍රි ලංකාවේ අපනයන වර්ධනය කිරීමට වර්තමාන රජය පියවර ගෙන ඇති බවත් ඒ අනුව ප්‍රධාන අපනයන ක්ෂෙත්‍රයක් වන ධීවර නිෂ්පාදනය සංවර්ධනය කිරීමට සිය අමාත්‍යාංශය කටයුතු කරන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 13 වනදා ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී මාටිං කේ කෙලී මහතා ධීවර අමාත්‍යාංශයේදී හමුවු අවස්ථාවේදිය.

කොරෝනා වසංගතය හේතුවෙන් ලෝක ආර්ථික අවපාතය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික ගැටළු පිළිබදව අමාත්‍යවරයා විසින් මාටින් කේ කෙලි මහතා දැනුවත් කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා මුහුදු කූඩැල්ලන් ඇතුළු ජලජීවී වගාව වර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යාපෘති රැසක් සිය අමාත්‍යාංශය විසින් සකස් කර ඇති බවත් ඒ සදහා ඇමරිකානු රජයේ සහ ඇමරිකානු ව්‍යාපාරික ක්ෂෙත්‍රෙයේ සහයෝගය හා ආයෝජන මෙන්ම ආධාරයද බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරයාගේ උපදේශක පී. තවරාසා මහතා ඇතුළු අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිළධාරීන් පිරිසක්ද සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *