• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉතිහාසයේ ගැඹුරුතම අර්බුදයට ආර්ථිකය රට මුහුණදී තිබෙනවා – ජවිපේ නායක අනුර

17 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපේ ඉතිහාසයේ ඇතිවී තිබෙන ගැඹුරුතම අර්බුදයට ආර්ථිකය මුහුණදී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී අනුර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” ජාතික ජන බලවේගය ලෙස අපි නියෝජිත සමුළුව එළඹෙන 20වැනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. අපි කවුරුත් දන්නවා, මේ වනවිට ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු දෙකක් ඉක්මවා පාර්ලිමේන්තුවේ කාලය වර්ෂයක් ඉක්මවා තිබෙනවා. ජනාධිපතිවරණයේදී, පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ පාලක කණ්ඩායම රටට පොරොන්දු රාශියක් ලබාදුන්නා. නීතියේ විධානය සහ ආධිපත්‍යය ආරක්‍ෂා කිරීම, ආර්ථික සංවර්ධනය ඇති කිරීම, ගොවි ජනතාවට සහනධාර ලබාදීම, රැකියා ලක්‍ෂ ගණනක් ලබාදීම ආදී ප්‍රායෝගික නොවන අපේක්‍ෂාවන් පවා ජනතාවට ලබාදුන්නා. නමුත් ඔවුන් ඉතා කෙටි කාලයක් තුළ, ඉතා වේගයෙන් ජනතාවගේ අප්‍රසාදයට මේ අය පත්වී සිටිනවා. ඊට ප්‍රධානම පදනම වී තිබෙන්නේ ආර්ථික අර්බුදයයි.

අපේ ඉතිහාසයේ ඇතිවී තිබෙන ගැඹුරුතම අර්බුදයට ආර්ථිකය මුහුණදී සිටිනවා. මාධ්‍ය මගින් වාර්තා කරන ආකාරයට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් 1,500කට වඩා වරායේ හිරවී තිබෙනවා. විදේශ ණය වාරිකයන් ගෙවා ගැනීමට බැරි තත්වයක් ඇතිවීමේ අනතුර තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවී විශාල ලෙස මිල ඉහළ ගොස් තිබෙනවා. විවිධ ආනයනික සීමාවන් ආණ්ඩුවෙන් පනවා තිබෙනවා. ගොවි ජනතාවට නිසි ප්‍රමිතියෙන් යුත් යෙදවුම් ලබාදීමට අසමත් වී තිබෙනවා. සමාජයේ සෑම තලයකම පුද්ගලයන්, සෑම ක්‍ෂේත්‍රයකම පුද්ගලයන් අද මෙම තත්වයන් අත්විඳිමින් සිටිනවා. මේ නිසා රටේ මහජනතාව අලුත් වෙනසක් අපේක්‍ෂාවෙන් කතා කරන්න පටන් ගෙන තිබෙනවා. කොවිඞ් වසංගත තත්වය තුළ පවා වංචාව-දූෂණය සිදු කළ බව හෙළිවී තිබෙනවා. පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා ගනු ලැබූ තීන්දු වංචා-දූෂණවලින් ගහණ වී තිබෙනවා. සීනි බදු වංචාව, ඇතුළු බදු වංචාවන් රැසක් සිදුකර තිබෙනවා. මේ නිසා අපේ රටේ ජනතාව වංචාව-දූෂණය සහ නාස්තියෙන් තොර පාලනයක් අපේක්‍ෂා කරනවා. රාජ්‍ය ආයතන පද්ධතිය අකාර්යක්‍ෂම වී රාජ්‍ය ව්‍යාපාර විශාල වශයෙන් පාඩු ලබන තත්වයට පත්වී තිබෙනවා. රාජ්‍ය දේපොළ විකුණමින් තිබෙනවා. ලෝකයේ විවිධ කොන්දේසිවලට යටත්ව දණින් වැටී ණය ගැනීමට සිදුවී තිබෙනවා. සෑම අතින්ම අසාර්ථකත්වයට පත් රටක් ඉතිරි කර තිබෙනවා.
දැන් ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවකට වඩා ප්‍රශ්නවලින් ගොඩ ඒම සඳහා විසඳුමක්. සාම්ප්‍රදායික ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ එක්සත් ජාතික පක්‍ෂයෙන් අපේක්‍ෂා කළ පිළිතුරු වර්තමානයේ අපේක්‍ෂා කරන්නේ නැහැ. ආණ්ඩුව කෙරෙහි කලකිරීමට ලක්වී තිබෙනවා හා සමානවම එක්සත් ජාතික පක්‍ෂය හා එයින් කැඩී ගිය කණ්ඩායමත් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. ජනතාව නව විසඳුම් මාවතක් කෙරෙහි පෙළගැසෙමින් සිටිනවා. සාම්ප්‍රදායික බල හුවමාරුව වෙනුවට අලුත් පන්නයේ බල හුවමාරුවක් ගැන සියලු දෙනා විශාල පිපාසයකින් පෙළෙනවා. වංචා-දූෂණවලින් තොර, ඒ අයගේ දේපළ පවාගෙන දඬුවම් ලබාදෙන, ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය උසස් කර, නීතියේ ආධිපත්‍යය තහවුරු කර සාමකාමී රාජ්‍යයක් ගොඩනැගීමේ පිපාසයකින් පොදු ජනතාව පෙළෙනවා. මෙතෙක් අප රටේ තිබුණේ එක් පක්‍ෂයක් ප්‍රතික්‍ෂේප වන විට අනෙක් පක්‍ෂය බදා වැළඳ ගන්න ඉතිහාසයක්. අලුත් පාලක, අර්බුදයට විසඳුම් දෙන, බිඳ වැටුණු මව්බිම ගොඩනැගීමේ බලවේගය වන්නට ජාතික ජන බලවේගය සූදානම්. සාම්ප්‍රදායික බල හුවමාරුවෙන් සහ ඔළුගෙඩි මාරුවෙන් එහාට යන ප්‍රතිපත්තිමය වෙනසක් වෙනුවෙන් ජනතාව පෙළගැසෙනවා. බිඳවැටුණු මව්බිම ගොඩනැගීමේ විසඳුම බවට ජාතික ජන බලවේගය පත්කිරීමේ සහ බිඳවැටුණු මව්බිම ගොඩනැගීමේ අභියෝගය බාරගන්න අපි සූදානම්.
නීතිඥ සංගම්, ඉංජිනේරුවන්, කෘෂි විද්‍යාඥයන්, ග්‍රාමීය ජනතාව, වෘත්තීය සංගම්, එක් කරගෙන අපි දීර්ඝව සාකච්ඡා කළා. මේ රට ගොඩනැගීම එක් එක් පුද්ගලයාගේ තනි තනි අභිලාෂයක් නොවේ. මේ රටේ යහපත් වෙනස්වීමක් අපේක්‍ෂා කරන බලවේග එක තැනකට කැඳවිය යුතුයි. ඒ මධ්‍යස්ථානය තමයි ජාතික ජන බලවේගය. මෙතෙක් සිදුකරන ලද සංවාදයන් තුළින් වැඩපිළිවෙළක් සහ එම කණ්ඩායම එළිදැක්වීම මූලික පරමාර්ථය කරගෙන ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව 20වැනිදා අපි පවත්වනවා. සෞඛ්‍ය හේතුන් මත සියලු දෙනාටම ආරාධනා කරන්න නොහැකි වී තිබෙනවා. ඒ නිසා ඒ ඒ ක්‍ෂේත්‍රවලින් හඳුනා ගත් නියෝජිත කණ්ඩායම් කැඳවා මේ සමුළුව පවත්වනවා. ජනවාරි මාසයේදී දිස්ත්‍රික් මට්ටමින් නායකත්ව මණ්ඩල හඳුන්වා දෙන්න අපි සැලසුම් කර තිබෙනවා. මේ අභියෝගය ජයග්‍රහණය කරන්න ඉහළින් එකතු වෙන කණ්ඩයම්වලට විතරක් බැහැ. ලක්‍ෂ ගණන් එකට පෙළගැස්සුවොත් විතරයි මේ අභියෝගය ජයගත හැකි වන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වගේම ග්‍රාමීය, නාගරික සහ සියලු ක්‍ෂේත්‍රවල සිටින ජනතාව එක මධ්‍යස්ථානයකට අපි කැඳවනවා. නාගරික වශයෙන් පමණක් නොවෙයි ග්‍රමීය වශයෙන් ජනතාව බලගැන්වීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ජනතාවත් එක්ක සංවාදයේ යෙදීම, අදහස් හුවමාරු කර ගැනීම තුළින් විශාල මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ දක්වා ගමන් කළ විනාශකාරී මාවත වෙනුවට විසඳුම් සෙවීමේ මාවතට අපි ජනතාව කැඳවනවා. යැයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

රට තුල අහඹු ලෙස ඔමික්‍රෝන් අසාධිතයින් තිදෙනෙක් සොයා ගැනේ – රවි කුමුදේශ්

Next Post

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පාසල් මට්ටමින් සංවර්ධන සංචිතයක් නිර්මාණය කරනවා – අමාත්‍ය නාමල්

editor

editor

Next Post

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පාසල් මට්ටමින් සංවර්ධන සංචිතයක් නිර්මාණය කරනවා - අමාත්‍ය නාමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved