27 April 2024
#දේශීය

රට තුල අහඹු ලෙස ඔමික්‍රෝන් අසාධිතයින් තිදෙනෙක් සොයා ගැනේ – රවි කුමුදේශ්

ශ්‍රී ජයවර්ධනපුර රසායනාගාරය මාස කිහිපයකට පසු සිදුකල ප්‍රභේද හදුනාගැනීමේ පරීක්ෂණ 96ක් තුල, ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් තිදෙනා සොයා ගැනීමට හැකිවී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

රට තුල අහඹු ලෙස හමුවූ අසාධිතයෙකුද මේ අතර සිටින බැවින් එය ඔමික්‍රෝන් රට තුලට කාන්දු වීම පිළිබදව සාක්ෂියක් බව හෙතෙම පැවසිය.

මෙම හදුනා ගැනීම් සියල්ල සිදුවන්නේ, එම සොයා ගැනීම් සදහා අවශ්‍ය PCR සහ ප්‍රභේද පරීක්ෂණ හැකිතාක් අඩු කර හා අධෛර්යට පත් කර තිබෙන වට පිටාවක බව ඔහු අනාවරණ කලේය.

රටක් ලෙස අප ප්‍රභේද පරීක්ෂණ සිදු නොකරන තරම්‍ ය. විධිමත් අහඹුකරණ ක්‍රමවේදයක් අනූව ප්‍රභේද පරීක්ෂණ සිදු කෙරෙන්නේ නැත. නව ප්‍රභේද රටට ඇතුළුවීම වැලැක්වීම සදහා අත්‍යාවශ්‍යයෙන්ම කල යුතු ඔන් ඇරයිවල් PCR හෙවත් රටට ඇතුළුවීමේදි සිදු කරන PCR පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව හෙතෙම කියා සිටියේය.

එවැනි අදූර්දර්ශී හා අවිධිමත් කොවිඩ් පාලණයක් සිදු කරමින්, නව කොවිඩ් රැලි සදහා රටේ මහ ජනතාවට දොස් නගමින් සිටීම හාස්‍ය ජනක බව රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *