යාපනය, අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ ඊයේ (20) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 13ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා 2021 දෙසැම්බර් 18,19 සහ 20 දිනයන්හී උතුරු සහ උතුරු මැද නාවික විධානයන් මඟින් සිදු කළ අඛණ්ඩ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 10ක් සහ ඉන්දීය ජාතික ධීවරයින් 68 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.