27 April 2024
#Uncategorised

මාතලේ හෙල්මළු කුඹුරු අක්කර සියගණනක් පුරන්වේ

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ හතරක උස් කදුකර ප්‍රදේශයන්වල ඇති හෙල්මළු ක්‍රමයට වගා කළ කුඹුරු අක්කර සිය ගණනක් පුරන්ව ඇති බවත් මේ නිසා පාරිසරික ගැටලු රැසකට මුහුණ පා ඇති බව පරිසර සංවිධාන පවසයි.

උකුවෙල,රත්තොට,යටවත්ත,අඹන්ගගකෝරළ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල මෙම හෙල් මළු ක්‍රමයට වගා කරන කුඹුරු ඇති බවත් මේ වන විට ඒවා වි ගොවිතැන් සිදු නොකරන බවත් ඇතැම් ගොවින් එලවලු වගා කරන බවත් මේ නිසා නාය යැම් කදු කඩා වැටිම් වැනි විවිධ පාරිසරික ගැටලු රැසකට මුහුණ පැමට ලක්ව ඇති බව ගැෆෙක් ශ්‍රි ලංකා හි අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පැවසිය.

මෙම පුරන් කුඹුරු යළි අස්වැද්දිම සදහා රාජ්‍ය මට්ටමේ මැදිහත්විම මත සිදු කිරිම වැදගත් බවත් ඇතැම් කුඹුරු ගොඩකර වෙනත් කටයුතු සදහා වැඩි වශයෙන් යොදා ගෙන ඇති බවද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *