• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මඩකළපුව මුහුදු සීමාවේ නීති විරෝධි වැලි කැණිමක් සිදු වන්නේ නෑ – නාවික හමුදාව

25 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පරිදි මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නීති විරෝධි වැලි කැණිමක් සිදු වූ බවට වන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බවට නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කිරීමක් කර සිටියේය.

මෙම අසත්‍ය වාර්තාවන් සඳහා මුල් වූ ටග් (Tug) යාත්‍රාව සහ බත්තල (Barge) එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට බංගලාදේශයේ චිතගොං වරාය දක්වා හුණුගල් ප්‍රවාහනය කරමින් තිබු අතර, ගමනාන්තය දක්වා වූ ගමන් මාර්ගය අතරතුරදී, එම ටග් යාත්‍රාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු අනෙකුත් සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණීමට නියමිතව තිබුණි.

එනමුත් මුහුදේ පැවැති රළු ස්වභාවයමත සැලසුම් කළ දිනට ඉන්ධන ඇතුළු සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම ටග් යාත්‍රාවට ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණීමට නොහැකි වීම මත පැනනැගුණු ඉන්ධන හිඟතාවය හේතුවෙන් බත්තල රැගත් එම ටග් යාත්‍රාව ශ්‍රී ලංකාවට නැගෙනහිර වූ වෙරළාසන්න මුහුදු තීරයේ මඩකළපු ප්‍රදේශයට ආසන්නව 2021 දෙසැම්බර් මස 15 වන දින ආරක්‍ෂිතව නැංගුරම් ලෑමට එහි කාර්යය මණ්ඩලය විසින් කටයුතු කරනු ලැබිණි.

ඒ අනුව, මුර සංචාරයේ යෙදී සිටි ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් විසින් මෙම ටග් යාත්‍රාව සහ බත්තල නිරීක්‍ෂනය කර නැගෙනහිර නාවික විධානය ඔස්සේ නාවික හමුදා මුලස්ථානය දැනුවත් කිරිමට කටයුතු කෙරිණි. අනතුරුව නාවික හමුදා මුලස්ථානයේ උපදෙස්මත සිදු කරනු ලද වැඩි දුර විමර්ශණ මඟින් එම ටග් යාත්‍රාව, මීටර් 31ක් දිග සිංගප්පුරු සමාගමකට අයත් NAVIMAR 3 (IMO No.9526045) නැමති ටග් යාත්‍රාව බවත්, එමගින් ඇදගෙන යනු ලබන බත්තල මීටර් 97ක් පමණ දිගැති AM MERMAID නැමති බත්තලක් බවටත් හදුනා ගන්නා ලද අතර, ත්‍රිකුණාමලය වරායේ දී ඒ සඳහා සැපයුම් අවශ්‍යතා සැපයීමට දේශිය නියෝජිත ආයතනයක් ඉදිරිපත්ව ඇති බවත් වැඩි දුරටත් අනාවරණය විය.

ඒ අනුව, ත්‍රිකුණාමලය වරාය වෙත ලඟා වීමට අවශ්‍ය ඉන්ධන, දේශීය සැපයුම් කරුවෙකු මාර්ගයෙන් ලබා ගන්නා තුරු දින කිහිපයක් එම ස්ථානයේ ටග් යාත්‍රාව නැංගුරම්ලා තිබු අතර, එම සම්පුර්ණ කාලසීමාව තුලදී නැගෙනහිර නාවික විධානය විසින් රේඩාර් නිරීක්‍ෂණ මධ්‍යස්ථාන හා මුර සංචාරයේ නියුතු නෞකා යොදා ගනිමින් එම ටග් යාත්‍රාව හා බත්තල පිළිබඳ අඛණ්ඩ අවධානයෙන් පසුවිය. එමෙන්ම, මේ සම්බන්ධයෙන් නාවික හමුදා මුලස්ථානය මඟින් අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙළෙද නෞකා හා අනෙකුත් බලධාරීන් දැනුවත් කිරිමට ද කටයුතු කරන ලදී.

ඒ අනුව, 2021 දෙසැම්බර් මස 22 වන ටග් යාත්‍රාවේ දේශීය නියෝජිත ආයතනය මඟින් සැපයුම් යාත්‍රාවක් යොදා ගනිමින් ත්‍රිකුණාමලය වරායට පැමිණීමට අවශ්‍ය ඉන්ධන එම ටග් යාත්‍රාව වෙත ලබා දීමෙන් පසු ටග් යාත්‍රාව සහ බත්තල 2021 දෙසැම්බර් මස 24 වන දින ත්‍රිකුණාමලය වරාය වෙත ලඟා විය.

මේ වන එම ටග් යාත්‍රාව සහ බත්තල ත්‍රිකුණාමල පිටත වරායේ නැංගුරම්ලා තිබෙන අතර, ඉන්ධන ඇතුළු සැපයුම් අවශ්‍යතා සම්පුර්ණ කර ගැනීමෙන් පසු 2021 දෙසැම්බර් මස 25 වන දින සවස හෝ 2021 දෙසැම්බර් මස 26 වන දින උදෑසන කාලය තුලදී නැවතත් ගමනාන්තය වන බංගලාදේශය බලා යාත්‍රා කිරීමට නියමිතය.

මෙම ටග් යාත්‍රාව විශාල ප්‍රමාණයේ බත්තල් ඇදගෙන යාම සඳහා භාවිතා කරනු ලබන සාමාන්‍ය ප්‍රමාණයේ ටග් යාත්‍රාවක් වන අතර, මුහුදු පතුලේ කිසිදු කැණිමක් හෝ හැරීමක් සිදු කිරිම සඳහා ශඛ්‍යතාවයක් නොමැති යාත්‍රාවක් බවටත් මෙවැනි අසත්‍ය තොරතුරු වලින් මුලා නොවි සිටින ලෙසටත් නාවික හමුදාව මහජනතාව වෙත දැනුම් දෙනු ලබනවා.

 

 

Post Views: 8
Previous Post

DFCC බැංකුව මෙවර උත්සව සමය වෙනුවෙන් වට්ටම් හා දීමනා රැසක් පිරිනමයි

Next Post

තලවකැලේට පශූ වෛද්‍ය රසායනාගාරයක් ජනතා අයිතියට පත් කිරීම මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

තලවකැලේට පශූ වෛද්‍ය රසායනාගාරයක් ජනතා අයිතියට පත් කිරීම මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved