මාතලේ ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසක වෙළදසැල් බිද රුපියල් ලක්ෂ 250ක ආසන්න වටිනාකමින් යුතු මුදල් උපයා ඇති බව කියන පුද්ගලයකු 27දා ඊයේ අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.
සැකකරු මාතලේ නගරයට ආසන්නයේදි මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප එස්.පි.එම් තිලකවර්ධන මහතා ඇතුලු නිලධාරින් විසින් දිර්ඝ ලෙස විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත්හ.
සැකකරු විසින් රාත්‍රි කාලයේ දි මාර්ගයේ නවතා දමා ඇති මෝටර් සයිකල් සහ ත්‍රිවිල් රථ සුක්ෂම ලෙස පණ ගන්වා රැගෙන කොරොනා ආවරණයට ඇදුම් පැළද කුලුබඩු වෙළදසැල් සහ වෙළදසැල් වල ඉදිරිපස ඇති ඉබි යතුරු කඩා ඇතුලු වි දේපල සොරාක කා ගෙන එන ලද වාහනය පෙර පරදිම පලා යන බව මුලික පරික්ෂණවලදි අනාවරණව වි තිබේ.
සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වි ඇති අතර සොරකම් කරන ලද මුදල්වලින් අධික ලෙස හෙරෝයින් පානය කර ඇති බවද පොලිසිය පැවසිය.
මාතලේ.වත්තේගම,කඩුගන්නාව,මහවෙල,අලවතුගොඩ,රත්තොට,මැණික්හින්න ආදි ප්‍රදේශවල මෙම සොරකම් සිදු කර ඇති බවද පොලිසිය කියයි.
සැකකරු විසින් අපරාධ සදහා යොදා ගත් බව කියන යකඩ කුරු,සහ සොරාකම් කරන ලද කරුංකා පුවක් කිලෝ ගැම්ස් 16ක් ,වියළි ගම්මිසිර් කිලෝ ගැම්ස් 165ක් ඇතුලු උපකරණ රැසක්ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබි හෙරෝයින් මිලිගැම්ස් 245ක් ද සොයා ගත් බවද පොලිසිය කියයි.
සැකකරු අපරාධ සදහා යොදා ගත් බව කියන ත්‍රිවිල් රථයක් සහ මෝටර්සයිකල් දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු මාතලේ මහේස්තාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාශ භාර පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහතාගේ මෙහෙයවිම මත මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතාගේ මුලිකත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප එස්.පි.එම් තිලකවර්ධන,උ.පො.ප ඩබ්.ජි ඒකනායක,උ.පො.ප ජි.පි.කේ බණ්ඩාර,කා.උ.පො.ප විජේසේකර,පොලිස් සැරයන්වරුන් වන 6922 බණ්ඩාරනායක,6517 කුරුප්පු,14613 දිසානායක,45396 විපුල,35966 මුණසිංහ,57197 ලසන්ත,පො.කො 66784 කරුණාරත්න,කා.පො.කො 12222 හසිනි යන නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න