ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරයට පෙර පැවැත්වීමට නියමිතව තිබූ දින හතරක අභ්‍යාස තරගය දින තුනක තරගයක් දක්වා අඩු කර තිබේ.
ඒ අනුව, අගෝස්තු 4 වැනි දින දිවයිනට පැමිණෙන ඉන්දීය කණ්ඩායම කොළඹ එන්.සී.සී. (NCC) පිටියේදී අගෝස්තු 7 වැනි දින මෙම අභ්‍යාස තරගය ආරම්භ කරනු ඇත. ටෙස්ට් තරගාවලිය අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ එස්.එස්.සී. (SSC) පිටියේදී පැවැත්වීමට නියමිතය.














