පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ නඩුවකදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට මරණීය දණ්ඩනය නියම කිරීමෙන් අනතුරුව, අධිකරණ සංකීරණය අසලදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කලබලකාරී ස්වරයෙන් ප්‍රකාශ කර ඇත්තේ නඩු තීන්දු සහ අධිකරණයට සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් තමා කතා නොකරන බවයි.
අදාළ නඩු තීන්දුව දැකබලා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා ද ඊයේ (ජූලි 31) දිනයේ අධිකරණයට පැමිණ සිටි අතර, පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු රටින් බැහැරව සිටියේය.














