හෙට දිනයේ (අගෝස්තු 02) දිවයිනේ කාලගුණ තත්ත්වයේ යම් වෙනස්වීමක් සිදුවිය හැකි බවට කාලගුණ වාර්තා අනාවරණය කරයි. ඒ අනුව අපේක්ෂිත ප්‍රධාන කාලගුණ තත්ත්වයන් පහත දැක්වේ:
සබරගමුව පළාත, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැක. මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසු ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇති විය හැක.













