මාතලේ හා ඒ අවට ප්‍රදේශවලට ගංජා බෙදාහරිමින් ජාවාරමේ යෙදෙුණු පුද්ගලයෙකු මාතලේ කළුදැවල පාරාවත්ත ප්‍රදේශයේ දි ගංජා කිලෝ එකයි ග්‍රෑම් 465ක් සමග අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.
26 හැවිරිදි මෙම ජාවාරම්කරු දඹුල්ලේ සිට ගංජා ගෙනවිත් ඇසුරුම් කර මාතලේ හා ඒ අවට ප්‍රදේශවලට කාලයත් තිස්සේ විකුණමින් මෙම ජාවාරමේ යෙදි සිටි බවත් පොලිස් උපාය දුතයෙකු යොදා සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසිය.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදි සැකකරු සන්තකයේ තිබි හෙරෝයින් මිලිග්‍රෑම් 4720ක්ද පොලිස් භාරයට ගත් බවද පොලිසිය කියයි.
සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවිම මත මාතලේ කොට්ඨාශය භාර 01 ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහතාගේ උපදෙස් පරිදි මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප සුගත් බණ්ඩාර මහතාගේ අධික්ෂණයෙන් කොට්ඨාශ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උ.පොප ඩබ්.එම් වල්පොල,උ. පො.ප කැළුම් බණ්ඩාර,උ.පො.ප ප්‍රේමසිරි,පො.සැ 21636 ප්‍රියන්ත,පො.ප 20749 පෙමසිරි,පො.සැ 21636 ප්‍රියන්ත,පො.කො 78615 විරරත්න,පො.කො 73181 ලයනල්,පො.සැ.රි 1007 බොපේගෙදර යන නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න