27 April 2024
#දේශීය

අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැවරී ඇති වගකීම් කොටස අතිවිශාලයි – ජනපති

සියලුම අමාත්‍යාංශ ලේකම්වරු ඉදිරියේ දැවැන්ත වගකීම් කොටසක් පැවරී ඇති බවත් රජයේ ඉදිරි සැලසුම් සහ ඉලක්ක අමාත්‍යාංශ වෙත ලබාදී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා පත්වීම් ලිපිය දීමේ අවස්ථාවේදිය.

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඩී.එම්. අනුර දිසානායක මහතා පත් කළ අතර ජනාධිපතිවරයා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කරනු ලැබීය. වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඩබ්. අයිවන් ද සිල්වා මහතා පත් කර ඇති අතර ජනාධිපතිවරයා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කරනු ලැබීය.

රටේ සෑම දෙයක්ම රාජ්‍ය සේවය මත රඳා පවතී. එම නිසා සියලුම අමාත්‍යාංශ ලේකම්වරු ඉදිරියේ දැවැන්ත වගකීම් කොටසක් පැවරී ඇති බව ජනාධිපතිවරයා සියලුම කැබිනට් ලේකම්වරුන් අමතමින් සඳහන් කළේය.

රජයේ ඉදිරි සැලසුම් සහ ඉලක්ක අමාත්‍යාංශ වෙත ලබාදී තිබේ. නිලධාරීන් දිරිගන්වමින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම අමාත්‍යාංශ ලේකම්වරු සතු වගකීමක් බව ජනාධිපතිවරයා පැවසීය.

මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *