• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යල කන්නයට අවශ්‍ය කාබනික පොහොර නියමිත කාලයේදීම ලබා දෙන්න – ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

3 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යල කන්නයට අවශ්‍ය පොහොර නියමිත කාලයේදීම ගොවි ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පොහොර කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදීය.

විවිධ තාක්ෂණ ක්‍රම යොදා ගනිමින් දේශීයව කාබනික පොහොර වර්ග නිෂ්පාදනය කෙරේ. එබැවින් ඒවා භාවිතය පිළිබඳ ගොවීන් නිසි ලෙස දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිවරයා ඒ සඳහා පොහොර කාර්ය සාධක බලකායේ නිලධාරීන් යොදාගත යුතු බව අවධාරණය කළේය.

කාබනික පොහොර භාවිතය පිළිබඳ නිසි ලෙස දැනුම්වත් නොකිරීම පසුගිය කන්නයේ දී ඇතැම් ගොවීන් අසාර්ථකවීමට හේතු වී ඇත. මෙවර එම අඩු පාඩු මගහරවා ගනිමින් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් මගින් ගොවි ජනතාව නිසි අයුරින් දැනුම්වත් කළ යුතුය. ඇතැම් නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට සහභාගීවීමට මැලිකමක් දක්වන බව වාර්තා වී තිබේ. අදාළ සියලුදෙනා එම වැඩසටහන්වලට සහභාගී වීම අනිවාර්ය කළ යුතු බවට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

කුමන හේතුවක් මත හෝ ගොවියාගේ ආදායම අඩු වීමට ඉඩ තැබිය නොහැක. ඒ පිළිබඳ ගොවි ජනතාව තුළ විශ්වාසය තහවුරු කළ යුතුය. කාබනික වගාවන්ට යොමුවීමට ගොවීන් මැලිකමක් දැක්වීම කෙරෙහි විවිධ කාල වකවානුවල ලද අසාර්ථක අත්දැකීම් බලපා ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය .

දේශීය පොහොර නිෂ්පාදකයන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට රජය අවධානය යොමු කර ඇත. ගුණාත්මක තත්ත්වයෙන් උසස් පොහොර නිසි වේලාවට ලබා දීමෙන් තම කර්මාන්තය වැඩිදියුණු කර ගැනීමේ වගකීම අදාළ සමාගම් සතු ය. රසායනික පොහොර ගෙන්වීම සඳහා වසර ගණනාවක් විදේශයන්ට ගිය රුපියල් බිලියන ගණනක මුදල මෙම කර්මාන්තකරුවන්ට හිමිවීම නිසා නව දේශීය කර්මාන්තයක් ගොඩනැගීමට හේතු වී ඇත. එමගින් දේශීය කර්මාන්තකරුවා ද ශක්තිමත් වේ.

ගොවීන් වැරදි ප්‍රචාරයන්ට හසුවීම නිසා ගුණාත්මක බවින් උසස් පොහොර භාවිතයට නොගත් අවස්ථා වාර්තා වේ. වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සමඟ තමන් බැඳී සිටින බව කාබනික පොහොර ව්‍යවසායකයෝ පැවසූහ

පසුගිය මහ කන්නයේ තම ආයතන නිෂ්පාදනය කළ කාබනික පොහොර භාවිතයෙන් ලබාගත් සාර්ථක අස්වැන්න පිළිබඳව පොහොර නිෂ්පාදන සමාගම් නියෝජිතයෝ සංඛ්‍යා ලේඛන සහිතව කරුණු ඉදිරිපත් කළහ. සාර්ථක අවස්ථා බොහෝ තිබිය දී අසාර්ථක අවස්ථා පමණක් මාධ්‍ය මඟින් පෙන්වා දීම නිසා ගොවි ජනතාව අධෛර්යට පත් වූ බව සාකච්ඡාවේදී නිලධාරීහු පෙන්වා දුන්හ.

දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ගොවීන් , කෘෂිකර්ම නිලධාරීන්, පොහොර නිෂ්පාදන සමාගම්, රාජ්‍ය නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කමිටු පිහිටුවා පොහොර නිෂ්පාදනය හා බෙදා හැරීමේ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය .

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහූ ,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ පොහොර නිෂ්පාදනයට අදාළ ආයතනවල නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

නාවික මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය තොගයක් රටට ඇතුළු වීම වැළකේ

Next Post

පුතා නිසා තනතුරු අතහරිනවා.. රට වෙනුවෙන් තනතුර බාර ගන්න සුදානම් – රාජ්‍ය ඇමැති අරුන්දික

editor

editor

Next Post

පුතා නිසා තනතුරු අතහරිනවා.. රට වෙනුවෙන් තනතුර බාර ගන්න සුදානම් - රාජ්‍ය ඇමැති අරුන්දික

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved