• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ලංකා ධීවර සංස්ථාව සහ Uber EATS එක්වී ‘ඔන්ලයින් ඩිලිවරි’ සේවාවක් හඳුන්වා දෙයි

9 February 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලංකා ධීවර සංස්ථාවේ නිෂ්පාදන Uber EATS හරහා මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදි.

ඒ අනුව Uber EATS, ලංකා ධීවර සංස්ථාවේ නිෂ්පාදන අලෙවි කරන ප්‍රථම සහ එකම මාර්ගගත අලෙවිසැල බවට පත් විය. මෙම හවුල්කාරීත්වය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ලංකා ධීවර සංස්ථාවේ බම්බලපිටිය අලෙවිසැල් පරිශ්‍රයේදී පවත්වන ලද අතර, එම අවස්ථාවට විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය ලේකම් ජයන්ත චන්ද්‍රසෝම, ලංකා ධීවර සංස්ථාවේ සභාපති ස්ටෙෆාන් අබේසිංහ, එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ චතුරංග උඩවත්ත, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති නිලංක ජයවර්ධන සහ Uber Sri Lanka සාමාන්‍යාධිකාරී භාව්නා දද්ලානි ජයවර්ධන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

මෙම හවුල්කාරීත්වය, පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් සැලසීම සඳහා රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් අත්වැල් බැඳගැනීම සම්බන්ධ මනා උදාහරණයක් වන අතර, මේ ඔස්සේ පාරිභෝගිකයන්ට ලංකා ධීවර සංස්ථාවේ නිෂ්පාදන වන නැවුම් මත්ස්‍ය වර්ග, ඉස්සන්, කකුළුවන් හා දැල්ලන් මෙන්ම කරවල ආදියද ඉතාමත් පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ගරු කංචන විජේසේකර මහතා මෙසේ පැවසී ය. “ලෝකයේ සිදුවන වෙනස්කම් වලට අනුගත වෙමින්, වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා අප සෑම විටම උත්සාහ කළ යුතු බව අප විශ්වාස කරනවා. අන්තර්ජාලය ඔස්සේ ආහාර ඇණවුම් කර ගෙන්වාගැනීම වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින පසුබිමක් තුළ මේ ආකාරයට ලංකා ධීවර සංස්ථාව සහ Uber EATS අතර හවුල්කාරීත්වයක් ඇතිවීම අපට මහත් සතුටක්. රාජ්‍ය ආයතනයක් හා පෞද්ගලික සමාගමක් අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය ඉතාමත් යහපත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකියි. මෙය ලංකා ධීවර සංස්ථාවේ නිෂ්පාදන කෙරෙහි පාරිභෝගිකයන් තුළ ඇති ඇල්ම හා විශ්වාසය සහ, Uber EATS සතු දියුණු තාක්ෂණය සහ බෙදාහැරීම් ජාලය එක්තැන් කරන සාර්ථක වැඩපිළිවෙළක් වනු ඇතැයි කියා මා සිතනවා.”

මෙම හවුල්කාරීත්වය යටතේ, දිවයින පුරා පිහිටි ලංකා ධීවර සංස්ථාවේ අලෙවිසැල් 100 කට ආසන්න සංඛ්‍යාව අතරින් 40 කට අධික අලෙවිසැල් සංඛ්‍යාවකින් Uber EATS app හරහා මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. මෙහි පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙන අතර, ඉදිරියේදී වෙනත් දිස්ත්‍රික්ක වල ලංකා ධීවර සංස්ථා අලෙවිසැල්ද මෙම වැඩසටහනට එක්වනු ඇත.

මේ සම්බන්ධයෙන් ලංකා ධීවර සංස්ථාවේ සභාපති ස්ටෙෆාන් අබේසිංහ මහතා මෙසේ අදහස් දැක්වී ය. “Uber EATS සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අපට මහත් සතුටක්. මෙමගින් අපගේ ආදායම සහ අලෙවි පරාසය බෙහෙවින් පුළුල් වේවි. පාරිභෝගිකයන්ට උසස්ම තත්වයේ ධීවර නිෂ්පාදන සහනදායී මිලගණන් වලට ලබාදීම මගින් විශාල මෙහෙවරක් ඉටුකිරීමට ලංකා ධීවර සංස්ථාව සහ Uber EATS සමත් වනු ඇතැයි කියා මා සිතනවා. මෙහි ආරම්භක පියවර වශයෙන්, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක තුළ දැනට ක්‍රියාත්මක වන අලෙවිසැල් සහ ඉදිරියේදී අලුතින් විවෘත කිරීමට නියමිත අලෙවිසැල් වල නිෂ්පාදන Uber EATS ඔස්සේ අලෙවි කිරීමට අප සැලසුම් කර තිබෙනවා.”

ශ්‍රී ලංකාව තුළ මෙන්ම සමස්ත කලාපය තුළ Uber EATS හි ජනප්‍රියත්වය බෙහෙවින් ඉහළ ගොස් ඇති බව මෙම හවුල්කාරීත්වය මගින් මනාව පැහැදිලි වේ. මීට වසර දෙකකට පමණ පෙර සිට, විශේෂයෙන්ම COVID-19 හේතුවෙන් සංචරණ සීමා පනවන ලද කාලසීමාවේ පටන්, ජනතාවට එදිනෙදා අවශ්‍ය කරන භාණ්ඩද තම සේවාව හරහා ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීමට Uber EATS කටයුතු කළේ ය.

“ලංකා ධීවර සංස්ථාව වැනි විශ්වාසය හා ගෞරවය දිනූ ආයතනයක් සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අපට මහත් සතුටක්. පසුගිය වසර කිහිපය පුරා, මාර්ගගත ක්‍රමයට භාණ්ඩ ඇණවුම් කිරීම පහසු, විශ්වාසනීය සහ බාධා රහිත ක්‍රමවේදයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව, ශක්තිමත් සේවා ජාලයක් ගොඩනැංවීමට අප කටයුතු කළා. ජාත්‍යන්තර තාක්ෂණ විශේෂඥභාවය සහ අපගේ කුරියර් සේවා හවුල්කරුවන්ගේ සහයෝගය සමගින්, ශක්තිමත් අලෙවි ජාලයක් නිර්මාණය කිරීමට අප සමත් වී ඇති බවට මෙම හවුල්කාරීත්වය සාක්ෂි දරනවා. මාර්ගගත ඩිලිවරි සේවාවන් ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් පැවතීම සහ ධීවර නිෂ්පාදන සඳහා ශ්‍රී ලාංකිකයන් තුළ ඇති රුචිකත්වය යන සාධක ඔස්සේ මෙම හවුල්කාරීත්වය අතිශයින් සාර්ථක වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” Uber Sri Lanka සාමාන්‍යාධිකාරී භාව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය පැවසුවා ය.

 

 පිටපත – PR

 

Post Views: 2
Previous Post

කර්මාන්ත ක්ෂේත්‍රයට නිසි මඟ පෙන්වීමේ බලවත් භූමිකාවට පණ පොවන්න සුදානම් වන්න – ඇමැති විමල්

Next Post

මහ බැංකු අධිපති කතා කරන්නේ පොහොට්ටුවේ සභාපති වගේ – ආචාර්ය හර්ෂ ද සිල්වා

editor

editor

Next Post

මහ බැංකු අධිපති කතා කරන්නේ පොහොට්ටුවේ සභාපති වගේ - ආචාර්ය හර්ෂ ද සිල්වා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved