• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතිය යළි ගොඩනැගීම සඳහා සියලු දෙනාටම යුතුකමක් තිබෙනවා – අගමැති

17 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයේ විනාශකාරී ප්‍රතිවිපාකවලින් පසු රට යථා තත්ත්වයට පත්වන විට අපි සියලු දෙනාටම ජාතිය යළි ගොඩනැගීම සඳහා යුතුකමක් ඇතැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා ‌මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (15) පස්වරුවේ පැවැති “ඔක්ස්ෆර්ඩ් කොලේජ් ඔෆ් බිස්නස්”හි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය – 2022 ට එක්වෙමිනි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා “ඔක්ස්ෆර්ඩ් කොලේජ් ඔෆ් බිස්නස්”හි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය 2022 අමතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

” ඔබේ ජීවිතයේ ඉතා වැදගත් ජයග්‍රහණයක් සනිටුහන් කරන මෙම අවස්ථාවට එක්වීමට ලැබීම ඉතා අගය කොට සළකනවා. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ බොහෝ උපාධිධාරීන්ට ඔවුන්ගේ උපාධි ප්‍රදානෝත්සවයට මේ අයුරින් සහභාගීවීමට හැකිවූයේ නැහැ. ජීවිතයේ ඉතා වැදගත් හා වටිනා අවස්ථාවන් සැමරීම කොවිඩ් වසංගතය විසින් අහිම කර තිබුණා. ඒ නිසා ඔබ වැනි උපාධිධාරීන්ට ඔවුන්ගේ සාර්ථකත්වය ඔවුන්ගේ මහාචාර්යවරුන්, විශ්වවිද්‍යාලයේ සඟයන් සහ දෙමාපියන් සමඟ සැමරීමට නොහැකි වුණා. ඒ අනුව බලන විට ඔබ ඔබගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීමට භාග්‍යවන්ත වී තිබෙනවා. වසංගත තත්ත්වයට මුහුණ දෙමින් ශ්‍රී ලංකාව යම් සාමාන්‍ය තත්ත්වයකට පැමිණෙමින් සිටින බවට මෙය කදිම නිදසුනක්.

ආදරණීය උපාධිධාරීනි,

අද ඔබට ඔබේ ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.

ඔක්ස්ෆර්ඩ් කොලේජ් ඔෆ් බිස්නස් මගින් ලබාගත් ලෝක මට්ටමේ උපාධිය සමඟ ඔබ ලෝකයේ ඕනෑම තැනක තරගකාරීව මුහුණ දිය හැකි නවීන කුසලතාවන්ගෙන් හෙබි අධ්‍යාපනයක් ලබා තිබෙනවා.

මෙම අධ්‍යාපනය සමඟ ඔබට විශාල වගකීමක් ද පැවරෙනවා. “අධ්‍යාපනය යනු ලෝකය වෙනස් කිරීමට යොදාගත හැකි බලගතුම අවියයි” කියලා ලොව පිළිගත් විශිෂ්ට නායකයකු වූ නෙල්සන් මැන්ඩෙලා මහතා වරක් ප්‍රකාශ කළා.

ඒ අයුරින් ගත්තම ඔබේ අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගෙන යහපත් රටක් සහ යහපත් ලෝකයක් සඳහා දායක වීමට ඔබට දැන් කාලය උදාවී තිබෙනවා.

ඔබ වෘත්තීය ජීවිතයේ ඊළඟ අදියර කරා ගමන් කරන විට ලොව පුරා ඇති ඉඩ ප්‍රස්ථා ප්‍රයෝජනයට ගනිමින් වෘත්තිය දියුණුව කරා යොමුවන්නැයි ඉල්ලා සිටිනවා.

කෙසේ නමුත් අවසානයේ එම දැනුම, ප්‍රවීණත්වය සහ අත්දැකීම් ශ්‍රී ලංකාවට ගෙන එමින් අපේ සමාජයට වටිනා දායකත්වයක් ඔබ විසින් ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

ඔබ දන්නා පරිදි ඉහළ සාක්ෂරතාවයකින් හෙබි රටක් විදියට ශ්‍රී ලාංකිකයන් වන අපි හැමෝටම ආඩම්බර විය හැකියි. ඒ වගේම ඔබත් දැන් උගත් සහ නිපුණ ශ්‍රම බලකායක කොටස්කරුවන් වීමට සුදානමින් සිටිනවා.

කොවිඩ් වසංගතයේ විනාශකාරී ප්‍රතිවිපාකවලින් පසු අපේ රට යථා තත්ත්වයට පත් වන විට අපි සියලු දෙනාටම ජාතිය යළි ගොඩනැගීම සඳහා යුතුකමක් ඇතැයි මා විශ්වාස කරනවා.

පශ්චාත් වසංගත යුගයේ ශ්‍රී ලංකාව නැවතත් ආර්ථිකමය වශයෙන් ප්‍රකෘතිමත් වීමේ මාවතට පැමිණීම සඳහා උපකාර කිරීමේ දී ඔබ ලබා ගත් මෙම ලෝක මට්ටමේ අධ්‍යාපනයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකියි.

ව්‍යාපාරික උපාධි සහිත උපාධිධාරීන්ගේ සාම්ප්‍රදායික වෘත්තීය මාර්ගය බොහෝ විට විධායක තනතුරු හෝ කළමනාකරුවන් ලෙස රැකියාවක් ලබා ගැනීමයි. කෙසේ වෙතත් එම සම්ප්‍රදායික වෘත්තිය මාර්ගවලින් ඔබ්බට සිතීමට කාලය පැමිණ ඇති බවයි මා විශ්වාස කරන්නෙ.

අපගේ ආර්ථික ප්‍රකෘතිය ඉලක්ක කර ගනිමින් ගෝලීය වශයෙන් තරග කිරීමට නම් පශ්චාත් වසංගතය තුළ ආර්ථික ප්‍රකෘතිය මෙහෙයවිය හැකි ව්‍යවසායකයින් ශ්‍රී ලංකාවට අවශ්‍යවෙනවා.

එම නිසා ඔබේ නව්‍ය අදහස් නව ව්‍යවසාය බවට පරිවර්තනය කළ යුතුයි. එවිට සෙසු ශ්‍රී ලාංකිකයන් සඳහා ඔබට රැකියා ඇතුළුව සැළකිය යුතු ආර්ථික ක්‍රියාකාරකම් උත්පාදනය කරමින් ඒවා විශාල ව්‍යාපාරික ආයතන බවට පුළුල් කළ හැකියි.

රජයක් ලෙස අප තරුණ තරුණියන්ගේ නව ව්‍යවසාය සඳහා බොහෝ අවස්ථා නිර්මාණය කරමින් සිටියි. වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීම සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාවන් හිමිකර දීමට මෙම අවස්ථා ප්‍රයෝජනයට ගන්නා ලෙස ඔබට ආරාධනා කරනවා.

එවිට අපේ රටේ ආර්ථික ප්‍රකෘතියට දායකවෙමින් සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස ඔබට ඔබේ අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගනිමින් තිරසාර ආදායම් මාර්ගයක් ගොඩනගා ගත හැකි වෙනවා.

උපාධිය සම්පූර්ණ කිරීම දක්වා ඔබට මෙම සාර්ථකත්වය ළඟා කර ගැනීමට උපකාර කළ පුද්ගලයින්ට හදවතේ උපහාරය පුද කිරීමටත් ඔබ මෙය අවස්ථාවක් කර ගත යුතුයි.

පළමුව සහ ප්‍රධාන වශයෙන් ඔබගේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබගේ දෙමාපියන් කරන ලද කැපකිරීම් ඔබ සැමවිටම සිහිපත් කළ යුතුයි.අද ඔබේ ජයග්‍රහණයේ නොසැලෙන වීරයන් වන්නේ ඔබේ දෙමාපියන්. ඔබේ දෙවන දෙමාපියන් ඔබේ ගුරුවරුන්. ඔවුන් ඔබව දැනුමෙන් සන්නද්ධ කරමින් යහපත් පුරවැසියෙකු වීමට ඔබට මඟ පෙන්වා තිබෙනවා. ඔබ අද උපාධිය ලබා ගන්නා විට,ඔබේ ජීවිතයේ ගුරුවරුන් ඔබට ලබා දුන් දැනුම සහ මග පෙන්වීම සිහිකරමින් අපි සැවොම ඊට ස්තූතිවන්ත විය යුතුයි.

මා ඔබට දෙන අවසාන අවවාදය නම් ඔබ තෝරාගන්නා වෘත්තීය මාර්ගය කුමක් වුවත් ඔබ ඒ වෙනුවෙන් විශිෂ්ට ලෙස කැපවෙන්න. ඉගෙනීම කියන්නෙ ජීවිත කාලය පුරාම පවතින ක්‍රියාවලියක්. නිසා කවදාවත් ඉගෙනීම නවත්වන්න එපා. ඔබ සැමවිටම ඉහළ අපේක්ෂාවන් ඉෂ්ට කර ගැනීමට උත්සාහ කරන්න.

අවසන් වශයෙන් ඔබ සැම ලබා ගත් සාර්ථකත්වයට සුබ පැතීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔබ සැමට සුබ අනාගතයක් වේවා! යැයි ප්‍රාර්ථනා කරනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති විශ්‍රාමික ජෙනරාල් ජී.එච්. ද සිල්වා, ඔක්ස්ෆර්ඩ් කොලේජ් ඔෆ් බිස්නස් අධ්‍යක්ෂ ආචාර්ය පෙනෙලොප් හුඩ්, එක්සත් රාජධානිය හා ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල කිහිපයක උප කුලපතිවරුන් ඇතුළු අධ්‍යන කාර්ය මණ්ඩල ප්‍රධානීන්, දෙමාපියන් සහ උපාධිධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

 

Post Views: 4
Previous Post

කටුනායක සිට මීගමුව දක්වා ඉඳිවූ ද්විත්ව මාර්ගය දුම්රිය ධාවනයට විවෘත කෙරේ

Next Post

හෙද ඉල්ලීම් ලබාදෙන්න – ජනපති කියයි

editor

editor

Next Post

හෙද ඉල්ලීම් ලබාදෙන්න - ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස්ට මරණ තර්ජන

7 July 2025
අද කාලගුණය

අද කාලගුණය

7 July 2025
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025

Recent News

ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස්ට මරණ තර්ජන

7 July 2025
අද කාලගුණය

අද කාලගුණය

7 July 2025
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස්ට මරණ තර්ජන

7 July 2025
අද කාලගුණය

අද කාලගුණය

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved