27 April 2024
#දේශීය

කටුනායක සිට මීගමුව දක්වා ඉඳිවූ ද්විත්ව මාර්ගය දුම්රිය ධාවනයට විවෘත කෙරේ

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉඳි කරන ලද කටුනායක මීගමුව ද්විත්ව දුම්රිය මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු නිම කොට දුම්රිය ධාවනය සඳහා භාර දීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) දින පෙරවරුවේ සිදු කෙරිණ.

මීගමුව දක්වා ද්විත්ව මාර්ග ඉඳි වීමත් සමඟ කොළඹ කොටුවේ සිට මීගමුව දක්වා ගමන් ගන්නා දුම්රිය මඟීන් හට විනාඩි 45 ක පමණ කාලයක් ඉතිරි කර ගැනීමට හැකි වේ.

විශේෂයෙන්ම මෙම හේතුවෙන් මීගමුව සිට කොළඹ දක්වාත් කොළඹ සිට මීගමුව දක්වාත් ගමන් ගන්නා කාර්යාල සේවක සේවිකාවන් හට තම කාලය ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.

රජය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට වෙන් කරන ලද මූල්‍ය ප්‍රතිපාදන වලින් ඉඳි කිරීම් කටයුතු සිදු කර ඇති අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන හාරසිය හතළිස් හයකි (රු. මිලි.4446). මෙම ඉඳි කිරීම් යටතේ නව විදුලි සංඥා පද්ධතියක් ද ස්ථාපිත කර ඇති බව දුම්රිය දෙපාර්මේන්තුව අවධාරණය කරයි.

මෙම අවස්ථාව සඳහා මීගමුව නගරාධිපති දයාන් ලන්සා , ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර , පෞද්ගලික ලේකම් කංචන ජයරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *