පසුගිය වසරේ මාතලේ රජ්ජම්මන අඩවි වන ජිවි කාර්යාලය මගින් වැටලිම් 28ක් සිදු කර රුපියල් පන්ලක්ෂ තිස්පන්දහස මුදලක් දඩ වශයෙන් අය කර දි ඇති බව රජ්ජම්මන වනජිවි අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද මෙම වැටලිම් සිදු කළ බවත් වැඩි වශයෙන් නිති විරෝධි පක්ෂින් ජාවාරම සහ දඩමස් සම්බන්ධව මෙම වැටලිම් වැඩි වශයෙන් සිදු කළ බව මාතලේ වනජිවි අඩවි ආරක්ෂක එම්.බි විජේකොන් මහතා පැවසිය.
මාතලේ දිස්ත්රික්කයේ නාඋල,අඹන්ගගකෝරළය,මාතලේ,පල්ලේපොල,රත්තොට,යටවත්ත,උකුවෙල යන ප්රාදේශිය ලේකම් කොට්ඨාශවල මෙම වැටලිම් සිදු කර ඇති අතර මාතලේ නාඋල මහේස්ත්රාත් අධිකරණවල මෙම පුද්ගලයින්ට එහෙරිව නඩු පවරා ඇති බවද හෙතෙම පැවසිය.
මාතලේ මහේෂ් කිර්තිරත්න