27 April 2024
#දේශීය

අලි වැට නඩත්තුවට සේවයකින් පිරිසක්

මාතලේ දිස්ත්‍රික්කයේ පවතින අලි වැට නඩත්තු කිරිම් අදාළ කාර්යන් සිදු කිිරිම සදහා බහු කාර්ය සාධක බලකා දෙපාර්තමෙන්තුවේ 140 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයට අනුයුක්ත කර ඇති බව මාතලේ වනජිවි අඩවි ආරක්ෂක එම්.බි විජේකොන් මහතා පවසයි.

මෙම බදවා ගත් පිරිස සදහා මේ වන විට පුහුණුවක් ලබා දෙන බවත් ඉන් අනතුරුව විදුලිවැට නඩත්තු සහායක තනතුරේ පිහිටුවන බවත් ජාතික ආනුධිකත්ව අධිකාරියේ පුහුණු පාඨමාලා ඔස්සේ පුහුණුවිම් සිදු කරන බවද හෙතෙම වැඩිදුටරත් පැවසිය.

මාතලේ ප්‍රදේශයේ පවතින වන අලින්ගෙන් ආරක්ෂා කිරිම සදහා සකස් කර ඇති අලි වැට නඩත්තුව සහ අලි වැටවල් සකස් කිරිම ඇතුලු කාර්යන් සදහා මෙම පිරිස අනුයුක්ත කර ඇති බවද විජේකොන් මහතා පැවසිය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *