ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි සහ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය ධුරයෙහි අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ, උදය ගම්මන්පිල යන මහතාගේ ඇමැති ධුරය ඉවත් කිරීමෙන් පසු අමාත්‍යාංශ කිහිපයක සංශෝධන සිදුව තිබේ.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.