බලපත්ර නොමැතිව මාතලේ ගොඩපොළ ප්රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය නිති විරෝධි ගවඝාතනාගාරයක් වැටලු බව මාතලේ නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත මහතා පවසයි.
නාගරික කොමසාරිස්වරයාට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය එක්ව මෙම වැටලිම සිදු කළහ.
මෙම ප්රදේශයේ ගව මස් අලෙවි කිරිම සදහා බලපත්ර ලබා ගෙන ඇති බවත් නිති විරෝධි ලෙස මෙසේ ගවයින් ඝාතානය කර මස් අලෙවි කර ඇති බවත් පසුගිය 18 වනදා මෙසේ ගවයින් ඝාතනය කරන බවට ලද තොරතුරක් අනුව මෙම ස්ථානය පොලිසිය සමග ගොස් වැටලු බවත් එම ස්ථානයේදි ගවයෙකු සහ පැටවෙකු ඝාතනය කර ඇති බවත් මස් කිලෝ ගැම් 45ක් තිබි සොයා ගත් බවද නාගරික කොමසාරිස්වරයා පැවසිය.
මාතලේ නගර සභාව මගින් නිත්යාණුකුලව අදාළ ගව ඝාතනාගාරයක් ලබා දි ඇති බවත් ඉන් පරිබාහිරව මෙසේ ගවයින් ඝාතානය කිරිම නිති විරෝධි ක්රියාවක් බවද කොමසාරිස්වරයා පැවසිය.
සැකකරුවන් මාතලේ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
මාතලේ මහේෂ් කිර්තිරත්න