• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික නාමල් උයන ආරක්ෂා වී තිබෙන්නේ පූජ්‍ය වනවාසි රාහුල හිමියන්ගේ අපමණ කැපවීම නිසයි – අගමැති

21 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංරක්ෂිත වනාන්තරයක් වන ජාතික නාමල් උයන ආරක්ෂා වී තිබෙන්නේ පූජ්‍ය වනවාසි රාහුල හිමියන්ගේ අපමණ කැපවීම හා ධෛර්ය මත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 18 වනදා ජාතික නාමල් උයන 31වැනි සංවත්සර සැමරුම හා ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමියෝ මෙහි දී ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ ගෞරවනීය සමාජිකත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමූහ. අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් මෙම ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ නව වෙබ් අඩවිය එළි දැක්විණි.

ඒහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

” ශ්‍රී ලංකාවේ විශාලම නා වනය හා දකුණු ආසියාවේ විශාලම රෝස තිරුවානා කඳු වැටිය පිහිටලා තියෙන්නේ මේ ජාතික නාමල් උයනේ. එවැනි වටිනා උරුමයන් අපේ මව්බිමේ තියෙන එක ගැන ඇත්තටම අපි සතුටු වෙන්න ඕන.

අක්කර 2000ක් පමණ විශාල මේ භුමිය තුළ ක්‍රි.පූ. 03 වන සියවසේ දේවානම්පියතිස්ස රජ සමයේ අනුරාධපුර යුගයේ පෞරාණික නටඹුන් රාශියක් දකින්න පුළුවන්. ඒ වගේම 4 වන දප්පුල රජතුමාගේ කාලේ මේ නා උයන මිනිසුන් සඳහා වෙන්වූ අභය භුමියක් බවට පත් කළ බව ටැම් ලිපියක සඳහන් වෙනවා.

අපේ ජාතික වෘක්ෂය ලෙස නම් කළ නාගසට අමතරව පක්ෂීන් වර්ග 18 ක් පමණ මෙන්ම ඖෂධීය ශාක 72 ක් පමණ මෙම උයනේ පිහිටා තිබීම විශේෂයක්.

මිහිකත අපට සම්පත් ලබා දී තියෙන්නේ මිනිසුන්ගේ වගේම සත්ත්වයින්ගේ පැවැත්ම වෙනුවෙන් බව කියන්න ඕනෙ.

නමුත් මිනිසා තමන්ගේ දියුණුවත් එක්ක ඇළට දොළට, ගහට වැලට, සතා සීපාවාට කර ඇති හානිය සුළු පටු නැහැ.

ඒ නිසාම ස්වභාව ධර්මය ද විටින් විට මිනිස්සුන්ට විවිධ තර්ජන හා බාධා එල්ල කරනවා. මේවායින් මිදෙන්න නම් ස්වභාව ධර්මයට අප දැඩිසේ ආදරය කරලා පෝෂණය කරලා රැකගන්න ඕනෑ.

එසේ රැකගත යුතු ඓතිහාසික පුරාවිද්‍යා සහ පාරිසරික වැදගත්කමක් තියෙන ජෛව විවිධත්වයෙන් යුතු ඉතා වැදගත් පාරිසරික කලාප අපේ රටේ තියෙනවා.

ඒවා රැක ගැනීම සඳහා කැපවෙලා ඉන්න පරිසරවේදියෙකුත් අපට ඉන්නවා. ඒ තමයි ගෞරවනීය වනවාසී රාහුල ස්වාමීන්වහන්සේ.

සංරක්ෂිත වනාන්තරයක් වන මෙම නාමල් උයන වනවාසි පූජ්‍ය අපේ රාහුල නාහිමියන්ගේ අපමණ කැපවීම හා ධෛර්ය මත ආරක්ෂාවෙලා තියෙනවා.

උන්වහන්සේ පරිසරයට ආදරය කරන හිමිනමක්, ඒ වාගේම උන්වහන්සේ හරිම සංවේදී යි. තමන්ගේ පණ රකිනවා වගෙයි උන්වහන්සේ මේ නාමල් උයනත් රෝස තිරුවානා නිධියත් ආරක්ෂා කරන්නේ.

උන්වහන්සේ වසර 31 කට වැඩි කාලයක් පුරා තම දිවි පරදුවට තියලා විවිධ අභියෝග තර්ජන මැද ඉටු කරන මේ ජාතික වගකීමට පරිසරයට ලැදි ලෝ වැසි සියලු දෙනාගේ ගෞරවය හිමිවිය යුතුයි. උන්වහන්සේ මා සමඟ ඉතාම මිත්‍රශිලීව කටයුතු කරනවා.

ඒ නිසාම මම ජනාධිපති වෙලා ඉන්න කොටත් ඊට පෙරත් තුන් වතාවක් මේ පුණ්‍ය භූමියට ගිහිල්ල අපේ හාමුදුරුවො බැහැදැකලා තියෙනවා. ඒ වගේම මටත් අපේ දරුවන්ටත් නිරන්තරයෙන් අවවාද උපදෙස් ආශිර්වාද කරන බවත් මම සඳහන් කරන්න ඕන.

අපේ හාමුදුරුවෝ කරන මේ ඓතිහාසික භාරධුර වගකීම අපේ උපන් නූපන් දරු පරපුර වෙනුවෙන් කරන යුතුකමක් ලෙසයි මම දකින්නේ.

උන්වහන්සේ මෙම ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරීමෙන් කළේ ඉතාම ආදර්ශ සම්පන්න කටයුත්තක්. එයින් නියම භික්ෂූන් වහන්සේ නමක් ලෙස තමන් සතු දෙයක් අන්සතු කිරීමක් උන්වහන්සේ සිදු කළේ.

ඒ වාගේම ජනාධිපති හරිත සම්මානයත් උන්වහන්සේට ලැබුනේ මේ ආදර්ශ සම්පන්න ක්‍රියාව නිසා බව මම මේ වෙලාවේ දී සිහිපත් කරන්න කැමතියි. රජයක් ලෙස භික්ෂූන් වහන්සේ නමකට මෙම ජනාධිපති හරිත සම්මානය පිරිනැමූ පළමු අවස්ථාව කියලයි මම හිතන්නේ.

ත්‍රෛනිකායික මහ සඟරුවනත් අපේ හාමුදුරුවන්ගේ ක්‍රියාව බොහෝ සේ ඇගයීමට ලක්කළා.

පරිසර සංරක්ෂණවේදීන් ද විශාල පිරිසක් උන්වහන්සේට අවශ්‍ය සහය ලබාදෙන බව මම දන්නවා. ඒ අයගේ උපරිම සහයත් මෙය ආරක්ෂා කිරීමට ලැබීම සතුටට කරුණක්.

විශේෂයෙන් මේ ජාතික නාමල් උයන 31 වන සංවත්සරය සමරණ අවස්ථාවේ රජය හැටියට අපි බැදී සිටිනවා පරිසරය, ගහකොළ ඇතුලු සතා සීපාවා ආරක්ෂා කිරීමට.

අතිගරු ජනාධිපතිතුමාගේ පරිසර සංරක්ෂණ වැඩ පිළිවෙලේ ද මෙය සඳහන් කරුණක්.

රාහුල හාමුදුරුවන් වසර 30 ට වැඩි කාලයක් කළ කැපවීම අතිශය අගය කළ යුතු බව මා ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වාගේම කිසිම ලාභ අපේක්ෂාවක් නොමැතිව කටයුතු කරන උන්වහන්සේ සෘජු පටිපන්න ගුණයෙන් යුක්ත හිමිනමක්.

යමෙකුට යමක් කීමට ඇත්නම් එය නිර්භයව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. රජයක් ලෙස මෙහි සංවර්ධනය සඳහා යමක් සිදුවිය යුතුනම් එය අපි අනිවාර්යෙන්ම ඉටු කිරීමට ක්‍රියාකරන බව මෙම මොහොතේ මා සිහිපත් කරන්නේ ඉතාම සතුටින්.

ඒ වගේම අපේ රට වෙනුවෙන් අපේ හාමුදුරුවන්ට තව විශාල සේවාවක් කිරීමට හැකි බව මා තරයේ විශ්වාස කරනවා.

එම සේවාව ඉතා හොඳින් ඉටු කිරිමට අවශ්‍ය කායික හා මානසික ශක්තියත්, නිදුක් නිරෝගී භාවයත්, දීර්ඝායුෂත් අපේ රාහුල හාමුදුරුවන්ට ලැබේවා! යි මම මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි! අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, හිටපු කථානායක කරු ජයසූරිය, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ..

 

Post Views: 3
Previous Post

බොරුව රජයන යුගය සත්‍යයේ නාමයෙන් පරාජය කරමු – විපක්ෂ නායක සජිත්

Next Post

සංචාරක ආයතන සදහා සංචාරක සංවර්ධන බද්ද ගෙවිමට සහන කාලයක්

editor

editor

Next Post

සංචාරක ආයතන සදහා සංචාරක සංවර්ධන බද්ද ගෙවිමට සහන කාලයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved