27 April 2024
#දේශීය

බොරුව රජයන යුගය සත්‍යයේ නාමයෙන් පරාජය කරමු – විපක්ෂ නායක සජිත්

අද ඇත්තේ බොරුව රජයමින් බවත්, ඒ නිසාම රට බරපතළ අඩියකට පත්ව ඇති බවත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ කටුගම්පල, පන්නල, නාලවලාන – පල්වලකුඹුර ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

බොරුවෙන් සහ මිථ්‍යාවෙන් රට කරවන ආණ්ඩුව රටට බොරු කරමින් ජනතාව මහ පාරේ තබා ඇති බවත්, පෝලිම් යුගයට මැදි වූ ජනතාව අන්ත අසරණව සිටින බවත් ඒ මහතා පැවසීය.

දුරදර්ශී කැපවීම් හේතු කොටගෙන අද වන විට ඔහු වඳව අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්වී ඇති බවත්, විෂ රසායනික බෝම්බ වලින් විනාශ වූ වියට්නාමය සීග්‍ර වේගයෙන් සීග්‍ර සංවර්ධනයක් කරා යොමු වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා මේ සියල්ල මැද ශ්‍රී ලංකාව දිනෙන් දින බරපතළ පිරිහීමකට ලක් වෙමින් තිබෙන බවද පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *