• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්වන්න – ජනපති සර්ව පාක්ෂික සමුළුවට කියයි

23 March 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කරමින් අද (23) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දීය.

කෙටිකාලීන හා දිගුකාලීන උපායමාර්ග වෙත අවතීර්ණ වෙමින් ස්ථාවර තත්ත්වයකට ආර්ථිකය රැගෙන ඒමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මෙම සමුළුවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල්, එක්සත් ජනතා පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි, යන දේශපාලන පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ සමුළුවට එක්ව සිටියහ.

ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ අතුරලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින් සමුළුවට සහභාගී වූහ.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සඳහා යෝජනා සහ අදහස් අපේක්ෂාවෙන් සමුළුව කැඳවා තිබිණ. පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ සිය යෝජනා ලිඛිතව හා වාචිකව සභාවට ඉදිරිපත් කළහ.

රටත් ජනතාවත් වෙනුවෙන් සිය උපරිම දායකත්වය සහ කැපවීම සර්ව පාක්ෂික සමුළුවට ඉදිරියේ දී ලබාදෙන බව ද පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ කියා සිටියහ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වත්මන් ආර්ථික තත්ත්වය සමුළුවට ඉදිරිපත් කළේය.

සර්ව පාක්ෂික සමුළුව අවංක ප්‍රයත්නයකි. කිසිඳු දේශපාලන වාසි අපේක්ෂාවක් හෝ පටු අරමුණක් ඒ තුළ නොවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. රජය කළ ආරාධනය ජාතික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගනිමින් සහභාගී වූ සියලුම පක්ෂවලට ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා සහභාගී නොවූ සෙසු පක්ෂවලට සිය ස්ථාවරය සර්ව පාක්ෂික සමුළුව හමුවේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ඇති බව පැවසීය. ඉදිරිපත් කළ සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඵලදායී යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පිහිටුවීමට හැකි බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 6
Previous Post

මෙරට රාජ්‍ය සේවකයාට නිසි තැන ලබා දීමට වත්මන් රජය සූදානම් – සමෘද්ධි රාජ්‍ය ඇමැති

Next Post

මාතලේ රසකැවිලි නිෂ්පාදකයෝ අපහසුතාවයට

editor

editor

Next Post

මාතලේ රසකැවිලි නිෂ්පාදකයෝ අපහසුතාවයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved