27 April 2024
#දේශීය

මාතලේ රසකැවිලි නිෂ්පාදකයෝ අපහසුතාවයට

අමුද්‍රව්‍ය මිල සිඝ්‍රයෙන් ඉහළ යාමත් සමග උත්සවය සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ රසකැවිලි නිෂ්පාදකයින් සහ ඒවා අලෙවි කරන්නන්,ව්‍යාපාරිකයින්, ඇතුලු පිරිස දැඩි දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බව එම කර්මාන්තයෙහි නිරත පිරිස් පවසති.

උත්සව සමයේ රසකැවිලි සදහා ඉල්ලුමක් පැවති බවත් මෙම තත්වය හේතුවෙන් පොල්තෙල් ආශ්‍රිතව නිෂ්පාදන පාරිභෝගිකයින් මෙන්ම වෙළදසැල් ව්‍යාපාරිකයින් ප්‍රතික්ෂේප කරන තත්වයට පත්ව ඇති බවත් මේ නිසා තමන් දැඩු අපහසුතාවයට පත්ව සිටින බවද ඔවුහු කියයි.

මිට අමතරව රසකැවිලි සදහා ගන්නා මුං ඇට.පොල්තෙල්,පොල් ඇතුලු අමුද්‍රව්‍ය රැසක මිලද දිනෙන් දින ඉහළ යැම හමුවේද තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද ඔවුහු කියා සිටියි.
පවතින තත්වය හමුවේ සතිපොළවල් පොදු සේවා කටයුතු විවාහ මංගල උත්සව ඇතුලු අනෙකුත් ස්ථානවල මහජනයා ගැවසිම අඩු මට්ටමක් ඇති බවත් මේ නිසාද තම නිෂ්පාදන අලෙවි කර ගැනිමේ ගැටලු රැසකට මුහුණ පා සිටින බවද ඔවුහු කියයි.

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල,යටවත්ත,රත්තොට ආදි ප්‍රදේශවල වැඩි වශයෙන් මෙම රසකැවිලි නිෂ්පාදනයෙහි නිරත පිරිස් සිටින අතර ඇතැම් වෙළෙදුන් සහ නිෂ්පාදකයින් මාතලෙන් පිට පළාත් සදහා මෙම රසකැවලි අලෙවි කරන බවත් ඇතැම් ප්‍රදේශවල පවතින ආර්ථික තත්වය හමුවේ රසකැවිලි මිලදි ගැනිම් සිදු නොකරන බවත් එම නිසාද ඔවුන් අපහසුතාවයට පත්ව සිටින බවද ඔවුහු කියයි.

අදාළ පිරිස් සදහා යම් සහනදායි පියවරක් ගන්නා ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *